ගෝඨාට වල කැපෙයි-බැසිල් ඉස්සර වෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

“මංගල- රුවන්” ඉලක්ක කර පහර දෙන්න යයි..! ජනපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ..? (සුජිත් මංගල ද සිල්වා) 2020 ජනාධිපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ…
“මංගල- රුවන්” ඉලක්ක කර පහර දෙන්න යයි..!
ජනපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ..?
(සුජිත් මංගල ද සිල්වා)
2020 ජනාධිපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සහ රහස් සාකච්ඡාවකදී අවධාරණය වී තිබේ.
දේශපාලන සහ පෞද්ගලික වශයෙන් තමාට අතිශය සමීප පිරිසක් (INNER CIRCLE) සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දකුණේ තමාට අයිති සුවිශේෂී ස්ථානයකදී මේ සාකච්ඡාව පවත්වා තිබෙන්නේ අඟහරුවාදා (26) රාත්‍රී වන අතර එම ස්ථානය පිළිබඳව අප කරුණු හෙළිදරව් නොකරන්නේ “lankanewswweek” හී තොරතුරු මුලාශ්‍රය පිළිබඳව එවිට කරුණු හෙළි විය හැකි නිසාය.
නිලධාරියා සහ දේශපාලනඥයා යන කාරණය පිළිබඳව එහිදී පුළුල් සංවාදයක් ඇතිවී තිබෙන අතර මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන බහුතරයේ ස්ථාවරය වී තිබෙන්නේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුත්තේ නිලධාරියකු නොව දේශපාලනඥයකු බවය.
මේ අතර 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බැසිල් රාජපක්ෂ මහතා සූදානමින් සිටියත්, ඔහු සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ගෙන මේ තීරණාත්මක සටනට එළැඹීම සම්බන්ධයෙන් ඔහුගේ පවුල අභ්‍යන්තරයෙන් මේ වන විට ඔහුට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතියි.
රටේ දේශපාලන තත්ත්වය,එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන උපක්‍රම,විශේෂයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ක්‍රියා කලාපය සහ ඔහුගේ ඉදිරි දේශපාලන ඉලක්ක සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී තිබේ.
මංගල සමරවීර මහතා රටේ ඊළඟ අගමැතිවරයවීමට සැලසුම් කරමින් සිටින බවට එහිදී කරුණු අවධාරණය වී ඇති අතර ඒ අනුව ඔහු සහ රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම ඉලක්ක කර ගෙන දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කළ යුතු බවට ද එහිදී වැඩි දුරටත් තීරණය වී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
