අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝඨාට එරෙහිව සජිත් කට නොඇරිම ගැන එජාප නායකයින් අවදානයෙන්..!

ගෝඨාට එරෙහිව සජිත් කට නොඇරිම ගැන එජාප නායකයින් අවදානයෙන්..!

සජිත්ගේ මුනිවත ගැන ජනමාධ්‍යවේදීහු රනිල්ගෙන් ප්‍රශ්න කරති..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ…

සජිත්ගේ මුනිවත ගැන ජනමාධ්‍යවේදීහු රනිල්ගෙන් ප්‍රශ්න කරති..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට  සහ එම කඳවුරට  දේශපාලන වශයෙන් ප්‍රහාර එල්ල නොකිරීමේ වාතාවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ විශේෂ අවදානයට ලක්ව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ සහ එම කඳවුරට දේශපාලන වශයෙන් පහර නොදී සිටීමෙන් නොනැවතී එක්සත් ජාතික පක්ෂයට ම වක්‍රාකාරයෙන් පහර වදින ලෙස සජිත් ප්‍රේමදාස මහතා කතා කිරීම සහ ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයේ කසු කුසුවක් ඇති වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනමාධ්‍යවේදීන් පිරිසක් අතර විශේෂ හමුවක් කොළඹ අරලිය ගහ මන්දිරයේදී බදාදා (21) පැවති අතර එහි දී එම ජනමාධ්‍යවේදීන් ද මේ කාරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවදානය යොමු කරවා ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් ද කර ඇත. 

එහි දී එම ජනමාධ්‍යවේදීන් මතු කළ එම  කාරණය අනුමත කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොකර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙන්නේ තමාත් පාඨලී චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න සහ අනුර කුමාර දිසානායක ඇතුළු සියලු නායකයින් ගෝඨාභය රාජපක්ෂ සහ එම කඳවුරට දේශපාලන දැඩි ලෙස ප්‍රහාර එල්ල කරමින් සිටින බවය. ජයග්‍රහණය කරා යා හැක්කේ  සැබෑ හතුරා හඳුනාගෙන  ඒ පොදු  හතුරාට එරෙහිව  සියලු පාර්ශවයන් එකට ඒකරාශී වුණොත් පමණක් බව එහි දී පෙන්වා දී ඇති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ එක්සත්භාවය සහ සමගිය උල්ලංගනය කිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන බව ද අවධාරණය කර ඇත. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෝඨාට එරෙහිව සජිත් කට නොඇරිම ගැන එජාප නායකයින් අවදානයෙන්..! | Lanka Newsweek