අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝඨාගේ රසායනික පොහොර තහනමෙන් අස්වැන්න සියයට 53කින් අඩු වෙලා

ගෝඨාගේ රසායනික පොහොර තහනමෙන් අස්වැන්න සියයට 53කින් අඩු වෙලා

2021 මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට එකට ජනාධිපතිව සිටී ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය හේතුවෙන් එම මහ කන්නයේ දී මෙරට අක්කරයකට ලබා ගත් වී අස්වැන්න 53%කින් අඩු වූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි…

2021 මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට එකට ජනාධිපතිව සිටී ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය හේතුවෙන් එම මහ කන්නයේ දී මෙරට අක්කරයකට ලබා ගත් වී අස්වැන්න 53%කින් අඩු වූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු සහ පර්යේෂණ ආයතනය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

රසායනික පොහොර තහනමත් සමග වගාවට එල්ල වූ බලපෑම සම්බන්ධව 2022 අවසාන කාර්තූවේ සහ 2023 මුල් මාසයේ දී මෙම සමීක්ෂණය සිදු කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මෙම රසායනික පොහොර තහනම නිසා බඩ ඉරිඟු අස්වැන්න68%කින් ද, ලොකු ළුණු 52%කින් ද, අර්තාපල් 52%කින් සහ මිරිස් අස්වැන්න 43%කින් ද පහත වැටුණ බව අදාළ සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි.

එළවළු වගාව 57%කින් පහතට වැටුණු අතර විසිතුරු මල් වගාකරුවන් 86%ක් පමණ වගාවෙන් ඉවත් වී තිබෙන බව ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෝඨාගේ රසායනික පොහොර තහනමෙන් අස්වැන්න සියයට 53කින් අඩු වෙලා | Lanka Newsweek