අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝඨාගේ මංගල රැළිය අසාර්ථකයි-මිනිස්සු 13,000යි

ගෝඨාගේ මංගල රැළිය අසාර්ථකයි-මිනිස්සු 13,000යි

මහින්දට යකා නගියි-ෂෙහාන්ටයි එස්.එම්ටයි දෙහි කපයි (සුමුදු පෙරේරා) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩා පිටියේ බදාදා (09) සවස පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ…

මහින්දට යකා නගියි-ෂෙහාන්ටයි එස්.එම්ටයි දෙහි කපයි

ගෝඨාගේ මංගල රැළිය අසාර්ථකයි-මිනිස්සු 13,000යි

ගෝඨාගේ මංගල රැළිය අසාර්ථකයි-මිනිස්සු 13,000යි

(සුමුදු පෙරේරා)

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩා පිටියේ බදාදා (09) සවස පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළියට සහභාගී වි ඇත්තේ 13,000 ක ජනකායක් පමණක් බව පොලිස් බුද්ධි වාර්තා පෙන්වා දෙයි.

දැන්වීම

කෙසේ නමුත් සිය ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මංගල ජන රැළියට 35,000ත් 40,000 ත් අතර පිරිසක් සහභාගී කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර තිබු අතර එහි සම්පුර්ණ වගකීම් පවරා දි තිබුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සහ උතුරු මැද පළාත් සභාවේ මහා ඇමති එස්.එම. රංජිත් යන මහත්වරුන්ටය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂා කළ පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළියට සහභාගී කර වීමට සංවිධායකවරුන් අපොහොසත් වීම හේතුවෙන් උරණ වූ විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ෂෙහාන් සේමසිංහ සහ එස්.එම. රංජිත් යන මහත්වරුන්ට බදාදා (09) රාත්‍රියේ හොදටම දෙහි කපා තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෝඨාගේ මංගල රැළිය අසාර්ථකයි-මිනිස්සු 13,000යි | Lanka Newsweek