අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝඨාගේ ජාතිවාදී අධිෂ්ඨානය එළියට..!

ඇමරිකාවට උත්තර දෙන්න ගෝඨා සුදානම්..!

බුද්ධි අංශ අවධානයෙන්..! (උපුල් බණ්ඩාර) භික්ෂූන් වහන්සේලා 1500ක් සෙනසුරාදා (15) සවස අනුරාධපුර පූජා භූමියට කැඳවා ආණ්ඩුවට එරෙහි මහා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා…

බුද්ධි අංශ අවධානයෙන්..!

ගෝඨාගේ ජාතිවාදී අධිෂ්ඨානය එළියට..!

(උපුල් බණ්ඩාර)

භික්ෂූන් වහන්සේලා 1500ක් සෙනසුරාදා (15) සවස අනුරාධපුර පූජා භූමියට කැඳවා ආණ්ඩුවට එරෙහි මහා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු යොදා තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් සංවිධානය කරන මේ වැඩ සටහනේ යටි අරමුණ වී තිබෙන්නේ එම භික්ෂූන් වහන්සේලා මාර්ගයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන මතය සමාජ ගත කිරීම බවට බුද්ධි අංශ නිරීක්ෂණය කර ඇත.

එහිදී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් විශේෂ දේශන පහක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එම දේශන රාජ්‍ය ආරක්ෂාව,සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිය,රටේ ආර්ථිකය,දේශපාලන පළි ගැනීම් සහ රටේ ඒකීයභාවය යන මාතෘකා ඔස්සේ සිදු කිරීමට නියමිතය.

ඒ ඔස්සේ යහ පාලන ආණ්ඩුව යටතේ රාජ්‍ය ආරක්ෂාව,රටේ ඒකීයභාවය,ආර්ථිකය සහ සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිය අනතුරුදායක තත්ත්වයක පවතින බවට ද ආණ්ඩුව විපක්ෂයෙන් දේශපාලන වශයෙන් පළි ගනිමින් සිටින බවට ද එම භික්ෂූන් වහන්සේලා අතර මතයක් නිර්මාණය කර උන්වහන්සේලා මාර්ගයෙන් එම මතය ගමට රැගෙන යාමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මෙහිදී ඉහළම පෙළේ  විශ්‍රාමික හමුදා නිලධාරියකු විශේෂ කතාවක් පැවැත්වීමට ද නියමිතය.

ගෝඨාගේ ජාතිවාදී අධිෂ්ඨානය එළියට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෝඨාගේ ජාතිවාදී අධිෂ්ඨානය එළියට..! | Lanka Newsweek