ගොවි ගැටලු සොයා බලන්න සජිත් මැදවච්චියට යයි

රටේ සෑම දිස්ත්‍රික්කයකම ජනතාව මුහුණ දෙන ගැටලු සොයා බලා ඒවාට ප්‍රායෝගික ස්ථිරසාර විසඳුම් ලබා දීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක ‘ගමින් ගමට දොරින් දොරට’ විපක්ෂ නායක ජංගම සේවයේ තවත් එක් වැඩසටහනක් සඳුදා (15)…
රටේ සෑම දිස්ත්‍රික්කයකම ජනතාව මුහුණ දෙන ගැටලු සොයා බලා ඒවාට ප්‍රායෝගික ස්ථිරසාර විසඳුම් ලබා දීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක ‘ගමින් ගමට දොරින් දොරට’ විපක්ෂ නායක ජංගම සේවයේ තවත් එක් වැඩසටහනක් සඳුදා (15) අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය, කැබිතිගොල්ලෑව යන ගොවි ජනපද ප්‍රදේශ කේන්ද්‍ර කර ගෙන සාර්ථක ලෙස පැවැත්විණි.
එහි දී මැදවච්චිය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ගොවි ගැටලු සොයා බැලීම සිදු වූ අතර එම ගැටලුවලට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට ලබා දිය හැකි ප්‍රායෝගික විසඳුම් පිළිබඳව දීර්ගව සාකච්චා කෙරිණි.
තවද නුදුරු පාර්ලිමේන්තු දිනක දී එම ගැටලු රජයේ අවධානය යොමු කිරීමට ද කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා පැමිණ සිටි පිරිසට පොරොන්දු වුහ.