ගෙවුණු දින තුනේදී මිලිනයකට සයිනොෆාම් එන්නත්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) දින තුනකදී සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලිනයකට අධික ප්‍රමාණයක් ලබා දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. බදාදා(28) දිනයේ පුද්ගලයින් 417,815 දෙනෙකුට එන්නත්කරණය…
(හේමන්ත තුසිත කුමාර)
දින තුනකදී සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලිනයකට අධික ප්‍රමාණයක් ලබා දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. බදාදා(28) දිනයේ පුද්ගලයින් 417,815 දෙනෙකුට එන්නත්කරණය සිදුකර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසා සිටියි. සයිනෝෆාම් පළමු මාත්‍රාව බදාදා(28) දිනයේ පමණක් පුද්ගලයින් 344,458 දෙනෙකුට ද දෙවන මාත්‍රාව 32,288ක් සඳහා ද ලබා දී ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1