අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගුවන් විදුලිය ජනපතිව කපා හැරලා..!

ගුවන් විදුලිය ජනපතිව කපා හැරලා..!

ජනපතිගේ මැයි රැළියට මාධ්‍ය කණ්ඩායම් යවා නැහැ..! ගුවන් විදුලි ජනපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා පොහොට්ටුවේ මැයි රැළියට ගිහිල්ලා..? (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්…

ජනපතිගේ මැයි රැළියට මාධ්‍ය කණ්ඩායම් යවා නැහැ..!

ගුවන් විදුලි ජනපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා පොහොට්ටුවේ මැයි රැළියට ගිහිල්ලා..?

ගුවන් විදුලිය ජනපතිව කපා හැරලා..!

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව චෙන්කලන්ඩි මහ ජන ක්‍රීඩාංගණයේ ඊයේ (07) පැවති  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි  රැලිය මාධ්‍ය ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මාධ්‍ය කණ්ඩායමක් යවා නොමැති බව වාර්තාවේ.

මේ හේතුවෙන් ජනාධිපතිවරයා රටේ ඉදිරි ගමන සහ සිය  අනාගත දේශපාලන සැලසුම් සම්බන්ධයෙන්  මඩකලපුවේ දී කළ අතිශය තීරණාත්මක වගේම වැදගත් ප්‍රකාශය ඊයේ (07) සවස සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදී විකාශය කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට නොහැකි විය.

මේ පිළබඳව වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාට,   අධ්‍යක්ෂක ජනරාල් එරානන්ද හෙට්ටිආරච්චි සහ එම සංස්ථාවේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂක ජනරාල්  තුෂාර සන්දනායක යන මහත්වරුන්ටය.

මේ අතර මේ වැඩ කටයුතු සොයා බැලීම පසෙක තබා ගුවන් විදුලි සංස්ථාවේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂකවරයා ගාල්ලේ ඊයේ (07) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය බැලීමට ගොස් තිබේ.

අවසානයේදී ජනාධිපතිවරයා මඩකලපුවේදී කළ කතාව ජනාධිපති මාධ්‍ය අංශයෙන් ගෙන්වා ගෙන අද (08) උදැසන 6. 00  ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදී විකාශය කර අඟ බේරා ගැනීමට  ගුවන් විදුලි සංස්ථා බලධාරීන් ක්‍රියා කර තිබේ.

කෙසේ නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත කරුණු වාර්තා වී තිබෙන බව දැන ගන්නට ඇත.

රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා සහභාගී වන අතිශය වැදගත්ම රැස්වීමක් වන මැයි රැළියට ශ්‍රී ලංකා ගුවන් විදුලියේ මාධ්‍ය කණ්ඩායමක් මෙසේ යවා නැත්තේ ඉතිහාසයේ පළමු වතාවට බව එම සංස්ථාවේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙක් “lankanewsweek” සමග පැවසීය.

ජනමාධ්‍යට විවෘත්ත කෙරෙන රටේ රාජ්‍ය නායකයා සහභාගී වන සෑම රැස්වීමක්ම මාධ්‍ය ආවරණය කිරීම සඳහ  ජාතික රුපවාහිනී සහ ගුවන් විදුලි සංස්ථා පනත් අනුව මාධ්‍ය කණ්ඩායම් යැවීමට එම සංස්ථා පාලකයෝ නීතියෙන්ම බැදී සිටිති.

රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා එම රැස්වීම්වලදී කරන කතාව එම ආයතන මගින් විකාශනය කෙරුණත් නොකෙරුණත් මාධ්‍ය කණ්ඩායම් යවා එම සම්පූර්ණ කතාව පටි ගත කර සංරක්ෂණය කර තැබිය යුතුය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගුවන් විදුලිය ජනපතිව කපා හැරලා..! | Lanka Newsweek