අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගුවන් යානා අනතුරකින් රුසියාවේ 28 ක් මරුට

ගුවන් යානා අනතුරකින් රුසියාවේ 28 ක් මරුට

(හේමන්ත තුසිත කුමාර) අයහපත් කාලගුණය සහ අඩු දෘශ්‍යතාව හේතුවෙන් නැගෙනහිර රුසියාවේ කම්චැට්කා ප්‍රදේශයේදී An-26 ගුවන් යානය අඟහරුවාදා(06) කඩා වැටීමෙන් පුද්ගලයින් විසිඅට දෙනෙක් මිය ගියහ. දිවි ගලවා ගත්…

(හේමන්ත තුසිත කුමාර)

අයහපත් කාලගුණය සහ අඩු දෘශ්‍යතාව හේතුවෙන් නැගෙනහිර රුසියාවේ කම්චැට්කා ප්‍රදේශයේදී An-26 ගුවන් යානය අඟහරුවාදා(06) කඩා වැටීමෙන් පුද්ගලයින් විසිඅට දෙනෙක් මිය ගියහ. දිවි ගලවා ගත් කිසිවෙකු සිටියේ නැත.

කලාපයේ ආණ්ඩුකාර ව්ලැඩිමීර් සොලොඩොව් පැවසුවේ ගුවන් යානය කඩා වැටීමට පෙර වටේට ගමන් කරමින් පලනා  ගුවන්තොටුපළට ගොඩබැසීමට දෙවන වරටත් උත්සහ කරමින්  සිටි බවයි. එහෙත් අවසානයේ එය කඩා වැටීම නවත්වා ගන්නට නොහැකි වූ බව ඔහු පැවසීය.

රුසියාවේ ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය මූලාශ්‍රයක් උපුටා දක්වමින් කියා සිටියේ යානය බෑවුම් සහිත ගල් තලාවක  ගැටී ඇති බවයි. Izvestia පුවත්පත ගුවන් අනතුර සිදුවූ ස්ථානයේ  ඡායාරූපයක් පළ කර ඇති අතර, ගල් තලාවට ඉහලින් ඇති ගස් වැල් පිළිස්සී ඇති ආකාරය එහි පෙනෙන්නට ඇත.

දැන්වීම

පෙට්‍රොපව්ලොව්ස්ක් සිට පියාසර කරමින් තිබූ ගුවන් යානය ගොඩබෑමට මිනිත්තු 10 කට පමණ පෙර යානය සමඟ සම්බන්ධතා නැතිව ඇත. යානයේ කොටසක් වෙරළට සැතපුම් දෙකකට වඩා ඈතින්  මුහුදේ තිබියදී සොයා ගන්නා ලදී.

රුසියානු විමර්ශන කමිටුව කියා සිටියේ මෙම අනතුර සිදුව ඇත්තේ අයහපත් කාලගුණය, නියමු දෝෂයක් හෝ යානයේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් නිසා විය හැකි බවයි.

යානයේ කාර්ය මණ්ඩලය අත්දැකීම් සහිත පිරිසක් වූ අතර කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු සිටියහ. ළමුන් දෙදෙනෙකු ද යානයේ  සිටි බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි. ඇන්ටනොව් AN-26 ද්විත්ව එන්ජින් ටර්බෝප්‍රොප් යානය 1982 සිට ක්‍රියාත්මක වූ බව ටස් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.යානය මෙහෙයවූ කම්චැට්කා ඒවියේෂන් එන්ටර්ප්‍රයිස් හි නියෝජ්‍ය අධ්‍යක්ෂ සර්ජි ගොර්බ් පැවසුවේ දැඩි සුළඟක් හැමීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න