අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගීතාගෙන් ඇපලෝ රෝහලට ලක්ෂ හැත්තෑවක පොල්ලක්

ගීතාගෙන් ඇපලෝ රෝහලට ලක්ෂ හැත්තෑවක පොල්ලක්

(සුජිත් මංගල ද සිල්වා) ප්‍රවීණ සිනමා නිළි සහ ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය මීට මාසයකට පමණ පෙර කොළඹ ඇපලෝ රෝහලෙන් කර ගත් ප්ලාස්ටික් ශල්‍ය කර්මයට අදාළ රුපියල්…

(සුජිත් මංගල ද සිල්වා)

ප්‍රවීණ සිනමා නිළි  සහ ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය මීට මාසයකට පමණ පෙර කොළඹ ඇපලෝ රෝහලෙන් කර ගත් ප්ලාස්ටික් ශල්‍ය කර්මයට අදාළ රුපියල් හැත්තෑ ලක්ෂයක බිල මේ වනතුරුත් ගෙවා නොමැති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි . ගීතා කුමාරසිංහ මහත්මිය මේ ප්ලාස්ටික් ශල්‍ය කර්මය කරගනු ලැබුවේ 2017 සැප්තැම්බර් මස 02 වැනිදා කොළඹ නාවල පිහිටි ඇගේ නිවසේ ඇතිවූ හදිසි ගින්නෙන් පිළිස්සුණු ඇගේ දෑත් සහ දෙපාවල ලප කැළැල් ඉවත් කර ගැනීම සඳහාය . මේ හදිසි ගින්න ඇති වූයේ ඇගේ නිවසේ ගෑස් කුකරයේ නළයකින් ගෑස් කාන්දු වීමෙන් ඇති වූ පිපිරීමකින් බවට ප්‍රකාශ කෙරුණත් ගීතා කුමාරසිංහගේ ප්‍රභූ ආරක්ෂකයින් මේ සම්බන්ධයෙන් රහස් පොලීසියට දී ඇති කටඋත්තරයේ සඳහන් වන්නේ ඇය සිගරට්ටුවක් දැල්වීමට යාමෙන් මේ ගින්න ඇති වූ බවය. ප්ලාස්ටික් ශල්‍ය කාර්ම සඳහා ජීවිත රක්ෂණාවරණයකින් ප්‍රතිලාභ නොගෙවන නමුත් ඇය ඇගේ ජීවිත රක්ෂණය තිබෙන සමාගමට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ඇමතිවරයකු මාර්ගයෙන් කතා කරවා එම සමාගමෙන් රුපියල් ලක්ෂ 77  ක් වන්දි ලෙස ලබාගෙන තිබේ .
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගීතාගෙන් ඇපලෝ රෝහලට ලක්ෂ හැත්තෑවක පොල්ලක් | Lanka Newsweek