අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගිනි අවි බලපත්‍ර සහතික කර ගන්න

ගිනි අවි බලපත්‍ර සහතික කර ගන්න

(නිලන්ති චන්ද්‍රසේන) ගිනිඅවි බලපත්‍ර යළි සහතික කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. බලපත්‍රලාභීන් සිය බලපත්‍රය ළඟ ම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කර එය සහතික කිරීමට කටයුතු කළ යුතු බව එහි…

(නිලන්ති චන්ද්‍රසේන)

ගිනිඅවි බලපත්‍ර යළි සහතික කිරීමට පියවර ගෙන ඇති බව  ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

බලපත්‍රලාභීන් සිය බලපත්‍රය ළඟ ම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කර එය සහතික කිරීමට කටයුතු කළ යුතු බව එහි ජේෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටි.

මේ දිනවල  සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සඳහා ගිනිඅවි භාවිතය ඉහළ යාම සහ බලපත්‍ර නොමැති නුසුදුසු පුද්ගලයින් එම ගිනි අවි භාවිතා කිරීම යන කාරනා මුලික කරගෙන මෙම පියවර ගත් බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර සංවිධානාත්මක අපරාධ ක්‍රියාවල නිරතවන  අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද පොලිසිය ප්‍රකාශ කර සිටි.මෙයට අමතරව අපරාධවලට සම්බන්ධයෙන්, තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ වහා ම පොලීසිය දැනුම්වත් කරන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

මේ අතර අපරාධ වැඩි වශයෙන් පවතින දකුණු පළාතේද විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් දෙකක් යොදවා ඇත.

මෙයට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායම් 10ක් ද දිවයින පුරා  යොදවා ඇති බව පොලිසිය පවසයි.

තවද බලපත්‍ර රහිත ගිනිඅවි බලපත්‍රලාභීන් අතට පත් වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඒ පිළිබඳව   විශේෂ අධ්‍යනයක්  පොලිස් විශේෂ කාර්ය බලකාය ආරම්භ  කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගිනි අවි බලපත්‍ර සහතික කර ගන්න | Lanka Newsweek