ගෑස් කිරි පිටි පෝලිමට පසුව ඉන්ධන පෝලිම ද..?

ලොව දුප්පත්ම රටවල් අතර පස් වැනි ස්ථානනයට ශ්‍රී ලංකාව පත් කරලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ගෑස් සහ කිරි පිටිවල බරපතළ හිඟයක් මේ වන විට රට පුරා මතුව ඇතැයි පෙන්වා දෙයි. ආහාර…
ලොව දුප්පත්ම රටවල් අතර පස් වැනි ස්ථානනයට ශ්‍රී ලංකාව පත් කරලා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ගෑස් සහ කිරි පිටිවල බරපතළ හිඟයක් මේ වන විට රට පුරා මතුව ඇතැයි පෙන්වා දෙයි. ආහාර වියදම දරා ගැනීමේ හැකියාව අතින් ලොව දුප්පත්ම රටවල් අතර පස් වැනි ස්ථානයට අපේ රට තල්ලු වී ඇති බව ද එහි පෙන්වා දී ඇත. එම නිවේදනය මෙසේය.
ගෑස් කිරිපිටි පෝලිම සමග ආණ්ඩුව සැරසෙන්නේ ඉන්ධන පෝලිමට ද..?
ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වන ගෑස් සහ කිරිපිටි වල බරපතළ හිඟයක් මේ වනවිට රටපුරා මතුව තිබේ. ගෑස් ලබා ගැනීම සඳහා විශාල පෝලිමේ මේ වන විට වෙළඳ සැල් ආශ්‍රිතව දැක ගන්නට ලැබෙන අතර කිරි පිටි ලබා ගැනීමට අදාල තත්ත්වයද එසේම ය.ආණ්ඩුව තමන්ගේ, වසරක ශේෂ පත්‍රය මෙරටට ඉතුරු කොට ඇත්තේ අසාර්ථකත්වය නොහැකියාව මෙන්ම අනෙක් පැත්තෙන් අමානුෂිකත්වය, දුෂ්ටත්වය සහ අශිෂ්ටත්වයයි.
කොරෝනා ව්‍යසනයෙන් අන්ත පීඩාවට පත් වෙමින් දැඩි දුෂ්කර ජීවිත ගත කරන ජනතාවට ආහාර ටිකක් පිස ගැනීමට අවශ්‍ය ගෑස් පවා මේ වන විට අහිමිව ඇති අතර කිරි පිටි මේ වන විට අති සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇත. දරුවෙකුට කිරි පිටි ටිකක් ලබා දීමට සොයා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබේ.විශේෂයෙන්ම අදාල ගෑස් සමාගම් පවසන්නේ අලාභ ලබමින් ගෑස් ව්‍යාපාරය කළ නොහැකි බව වන අතර ඔවුනට සහනාධාර ලබා දී අදාල අලාභය ප්‍රතිපූර්ණය කිරීමට ආණ්ඩුවට මුදල් නැත.ආණ්ඩුව මුදල් අහිමි කර ගත්තේ පැමිණි වහාම අන්තනෝමතික ලෙස ධනවතුන්ට බදු සහන ලබා දෙමිනි.එයින් රුපියල් බිලියන 600ක් අහිමි විය.
දැන්වීම
සියලු පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් මේ වන විට දරා ගන්නට නොහැකි තරම් ඉහල ගොස් ඇති අතර ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නැත. මේ වන විටත් රට පුරා ඉන්ධන සංචිතවල බරපතළ හිඟයක් පවතින අතර තෙල් ආනයනය කිරීමට ඇති බරපතළ ගැටලුව විසඳා නොගතහොත් ඒකාන්ත වශයෙන්ම බරපතළ ඉන්ධන හිඟයකට ද ශ්‍රී ලංකාව මුහුණ දෙනු ඇත.
ශ්‍රී ලාංකික වැඩිහිටියකුට සිය වැටුපෙන් සියයට හැටහයක් ආහාර වෙනුවෙන් වැය කිරීමට සිදුවන බව එක්සත් රාජධානිය ‘ගෝලීය ජීවන වියදම් දත්ත පද්ධතිය’ (global cost-of-living database) අනාවරණය කර ඇති අතර ආහාර වියදම දරා ගැනීමේ හැකියාව අතින් ලොව දුප්පත්ම රටවල් අතර පස් වැනි ස්ථානයට අපේ රට තල්ලු වී ඇත. මේ අතර කොරෝනා ව්‍යසනයෙහි උච්චස්ථානයට ශ්‍රී ලංකාව ළඟා වෙමින් සිටින අතර ආණ්ඩුව අතින් එහි පාලනය අතිශය අසාර්ථක ලෙස ගිලිහී ගොස් තිබේ.
ආණ්ඩුව ක්‍රමානුකූලව සහ ඉතා සාර්ථකව ලෙස සිදුකරමින් සිටින එකම කාර්යය වන්නේ මුළු මහත් රටත් එහි ජනතාවත් මහා ව්‍යසනයක දොරටුව වෙත තල්ලු කිරීම පමණි. රටේ තත්ත්වය මොහොතින් මොහොත බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක් කරා ඇදෙමින් පවතින අතර මහා අභිෂේකයකින් පසුව පත්කළ නව මුදල් අමාත්‍යවරයා යටතේත් සිදුවන්නේ මෙතෙක් සිදු වූ සුපුරුදු ක්‍රියා පිළිවෙත පමණි. වෙනසකට ඇත්තේ විනාශය වෙනදාටත් වඩා උග්‍ර වීමය.
රට මුහුණ දී සිටින සිටින වත්මන් බරපතළ තත්ත්වය පිළිබඳව සියලු පක්ෂ එකතු වී සාකච්ඡා කොට කඩිනම් තීන්දුවක් ගැනීම අත්‍යවශ්‍ය වුවත් මේ දක්වා ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් නැත. එයින් ගම්‍ය වන්නේ අන් කිසිවක් නොව ආණ්ඩුවේ පවත්නා හිතුවක්කාරී මනෝභාවය පමණි.ඔවුන් සෙල්ලම් කරමින් සිටින්නේ මේ රටේ අහිංසක ජන ජීවිත සමග බව ඔවුන් මායිම් නොකරන අතර මෙයින් සිදු වන අතිශය කනගාටුදායක ප්‍රතිඵලයට වන්දි ගෙවන්නට වන්නේ රටේ අහිංසක ජනතාවටය.
-සජිත් ප්‍රේමදාස-
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විපක්ෂ නායක සහ
සමගි ජන බලවේගයේ නායක.

