ගල් අඟුරු වංචාව නිසා විදුලි බිල වැඩි වීමේ අවදානමක්..!

(සචින් රත්වත්තේ) මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් අරගත්තට පස්සේ හරියටම ලංකාවේ මිනිස්සුන්ට ගැලපෙන විදියට දේශපාලනය කරන සහ මාධ්‍ය යාන්ත්‍රණය හසුරවන පක්ෂයක් තිබුණා නම් ඒ මාලිමාව. ප්‍රචාරණ යාන්ත්‍රණය අතින් මාලිමාවට…
(සචින් රත්වත්තේ)
මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් අරගත්තට පස්සේ හරියටම ලංකාවේ මිනිස්සුන්ට ගැලපෙන විදියට දේශපාලනය කරන සහ මාධ්‍ය යාන්ත්‍රණය හසුරවන පක්ෂයක් තිබුණා නම් ඒ මාලිමාව. ප්‍රචාරණ යාන්ත්‍රණය අතින් මාලිමාවට ලං වෙන්නත් අනිත් ආණ්ඩු වලට බැහැ.
එයට හොඳම උදාහරණය මාලිමාව යටතේ අති විශාල වංචා සහ හොරකම් සිදුවෙද්දී පවා, ඒවා නිසි ආකාරයට සහ නියම පරිමාවෙන් සමාජගත කිරීමට පවතින විපක්ෂයට හැකියාවක් ලැබී නැහැ.
උදාහරණයක් ලෙසට ගල් අඟුරු වංචාව අධ්‍යනය කරන්න. මේ මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් කරපු විශාලතම සහ අවදානම් සහගතම වංචාවක්.
දැන්වීම
ටෙන්ඩර් පටිපාටි වෙනස් කරලා, අලුත්ම සැපයුම්කරුවෙකුට ටෙන්ඩරය ලබා දීලා, නැව් ගණන් සැපයුම් බාල ප්‍රමිතියේ බව තහවුරු වෙද්දී පවා මේ වංචාව නිසි පරිමානයෙන් සමාජගත වී නැහැ. මේ සෙල්ලම් කරන්නේ රටේ බලශක්ති පද්ධතිය එක්ක. ගල් අඟුරු බාල වීමෙන් රටට ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදුවෙනවා. විදුලි බිල පවා වැඩි කරන්න සිදුවෙනවා.
එවැනි පසුබිමක පවා මේ සිදුවීම නියම පරිමාවෙන් සමාජගත වී නැහැ.
මම දැක්කා ප්‍රධාන මාධ්‍ය අතරින් ස්වර්ණවාහිනියේ රතු ඉර වැඩසටහන, මේ මාතෘකාව සාකච්ඡාවට ලක් කිරීමට උත්සාහ කළා. දැන් සති කිහිපයක් එක දිගට රතු ඉර වැඩසටහන් වල මේ මාතෘකාව සාකච්ඡා වුණා. රතු ඉර මෙහෙයවන ක්ලෝඩ් ගුරුබෑවිල යම් පරිචයකින් සහ පෙර සුදානමකින් යුතුව මාතෘකාවක් තෝරා ගන්නා බව පෙනෙනවා. ඔහු ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් වශයෙන් සංයමය සහ අපක්ෂපාතීත්වය නඩත්තු කරන බවත් පෙනෙනවා.
ඊයේ රතු ඉර වැඩසටහනට පැමිණි පාඨලී චම්පික ගල් අගුරු වංචාව සිදු වූ ආකාරය ඉතා පැහැදිලිව විස්තර කළා. ඉන්පෙර ඩී.වි චානක මේ වැඩසටහනේදීම ආණ්ඩුවට අභියෝග කළා. ඊටත් පසු සතියේ අමාත්‍ය වසන්ත සමරසිංහ පැමිණ, ගල් අගුරු වංචාවක් සිදු නොවූ බව ක්ලෝඩ් ඉදිරියේ ඔප්පු කිරීමට ගොස් අපහසුතාවයට ලක් වුණා.
ආණ්ඩුව ගල් අගුරු වංචාව සිදු කරන්නේ ඉතාම සූක්ෂම විදියට.
● ප්‍රථමයෙන්ම ඔවුන් ශ්‍රී ලංකාවේ ගල් අඟුරු සැපයුම්කරුවෙක් වීමට තිබූ නිර්ණායක වෙනස් කළා
මීට පෙර මෙරට ගල් අගුරු සැපයුම්කරුවෙකු වීමට නම්, ගල් අඟුරු ටොන් මිලියනයක් (ලක්ෂ දහයක්) සපයා තිබිය යුතුයි.
ආණ්ඩුව මේ මිලියනයක අවශ්‍යතාවය ලක්ෂය දක්වා අඩු කළා.
ඇයි ? පැහැදිලිවම මේ ව්‍යාපාරයේ හොඳ ට්‍රැක් රෙකෝර්ඩ් එකක් නැති, ඔවුන්ට අවශ්‍ය සැපයුම්කරුවාට ටෙන්ඩරය ලබා දීමට අවශ්‍ය නිසා.
● ගල් අඟුරු වැනි ටෙන්ඩර සඳහා ඉල්ලුම්කරුවන්ට මෙතෙක් ලබා දී තිබූ කාලය 42 ක්. එය තමයි ජාත්‍යන්තර ප්‍රමිතිය.
නමුත් මාලිමා ආණ්ඩුව මේ අග් අඟුරු ටෙන්ඩරය දින 21 න් වසා දැම්මා.
ඔවුන් මේ වංචනික ක්‍රියාව සිදු කරන්නේ ගල් අඟුරු හිඟයක් ගැන බයක් ඇති කරලා.
● හැබැයි දින 42 ටෙන්ඩරය දින 21 න් වහපු ආණ්ඩුව, සැපයුම්කරුවාට ටෙන්ඩරය දෙන්න මාස දෙකක් පරක්කු කළා.
ටෙන්ඩරය වහන්න තිබුණු හදිස්සිය ඕඩරය දෙන්න තිබුණේ නෑ.
පුදුම වැඩක්නේ. ඇයි ඒ ?
ඒකට හේතුව තමයි මේ මාලිමා සැපයුම්කරුට ටෙන්ඩරය ගන්න වෙලාවෙත් ගල් අඟුරු සැපයුමක් ඔහු ලඟ තිබුණේ නෑ.
ඔහු ගල් අඟුරු හොයාගෙන එනකම් ආණ්ඩුව මාස දෙකක් බලන් හිටියා.
● ශ්‍රී ලංකාවේ ටෙන්ඩර් නිර්ණායක වලට අනුව හොඳ ගල් අඟුරු කිලෝවක කිලෝ කැලරි 6050 - 6200 ක් තියෙන්න ඕන.
ප්‍රමිතිය මීට වඩා අඩු වුනොත් අවශ්‍ය ශක්තිය ලබා ගන්න පුච්චන්න උවමනා ගල් අඟුරු ප්‍රමාණය වැඩියි.
ඒක රටට විශාල පාඩුවක්.
සැපයුම්කරුවා ගල් අඟුරු මිලට ගන්නේ දකුණු අප්‍රිකාවෙන්.
හැබැයි ඔහු ලංකාවට ඉදිරිපත් කරන්නේ දකුණු අප්‍රිකාවෙන් ලැබුණු පරීක්ෂණාගාර වාර්තාව නෙවෙයි.
මැලේෂියාවෙන් ගත්තු පරීක්ෂණ වාර්තාවක්. එයට අනුව මේ ගල් අඟුරු ප්‍රමිතිය කිලෝ කැලරි 6100 ක් වුණා.
ඇයි ඒ ?
මොකද දකුණු අප්‍රිකාවෙන් ලැබුණු පරීක්ෂණ වාර්තාව අනුව, මේ ගල් අඟුරු වල ප්‍රමිතිය වන කිලෝ කැලරි 6100 තිබුණේ නැත්නම් ඔහුට ගල් අඟුරු මිලට ගන්න බැහැ.
නමුත් ඔහුට දකුණු අප්‍රිකාවෙන් මිලට අරන් පසුව වෙනත් වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන්, හිතාමතාම මිලට ගත්තේ බාල ගල් අඟුරු ය කියන චෝදනාවෙන් ගැලවෙන්න පුලුවන්.
● පසුව ගල් අඟුරු සාම්පල නොරොච්චෝලේ බලාගාරයෙන් පරීක්ෂා කළා.
ඒ පරීක්ෂාවට අනුව මේ ගල් අඟුරු වල ප්‍රමිතිය කිලෝ කැලරි 5504 යි.
ඒ අනුව මේ ගල් අඟුරු තත්වයෙන් බාල බව නොරොච්චෝලේ බලාගාරය ප්‍රකාශ කළා.
එනම් මෙරට රජයේ ආයතනයක නිල මතය.
නමුත් ආණ්ඩුව මොකද කළේ ?
නොරොච්චෝලේ බලාගාරයේ වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩුවේ බලශක්ති ඇමතිවරයා පාර්ලිමේන්තුවට කිව්වා.
ඇමතිකෙනෙක් කළ යුත්තේ රජයේ ආයතනයේ වාර්තාව පිළිඅරගෙන සැපයුම්කරුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම.
නමුත් මේ ඇමතිවරයා සැපයුම්කරුගේ පැත්ත අරන් රජයේ ආයතනයට චෝදනා කළා.
මරු නේ ?
● ඉන්පසුව ආණ්ඩුව ගල් අඟුරු සාම්පලයක් ජාත්‍යන්තර පරීක්ෂණ ආයතනයකට යොමු කළා.
එහි වාර්තාව අනුවත් මේ ගල් අඟුරු ප්‍රමිතිය 5600 යි. ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුව නුසුදුසු, බාල ගල් අඟුරු.
සැපයුම්කරුවා 6100 යැයි කියූ ගල් අඟුරු වල ප්‍රමිතිය කිලෝ කැලරි 500 ක් අඩුයි.
මේ එක කිලෝග්‍රැමයකින් පාඩුව කිලෝ කැලරි පන්සියයි. එනම් කිලෝ 13 ක් පිච්චෙද්දී පාඩුව කිලෝ එකයි.
කොතරම් විශාල වංචාවක් ද ?
● පළමු නැව ඒ විදියට බාල ගල් අඟුරු කියලා ෆේල් වුණා. ඉන්පසුව දෙවැනි නැව ආවා.
ඉතාම පුදුම සහගත විදියට ආණ්ඩුව දෙවැනි නැව සඳහා බලාගාරයට ප්‍රමිතිය පරීක්ෂා කිරීම තහනම් කළා. බලාගාරයෙන් ප්‍රමිති වාර්තාවක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා.
ඒ වෙනුවට සැපයුම්කරුවා ලබා දුන් ප්‍රමිති වාර්තාව ආණ්ඩුව පිළිගත්තා.
ඇයි ?
මෙහි විශේෂ ටෙන්ඩර් කොන්දේසියක් තියෙනවා.
පිට පිට නැව් දෙකක් ප්‍රමිතිය බාලයි කියලා ෆේල් වුනොත්, සැපයුම්කරුවාගේ ටෙන්ඩරය අහෝසි වෙනවා.
අන්න ඒ නිසා දෙවන නැවට බලාගාරයේ ටෙන්ඩරය ගත්තේ නැහැ.
දැනටත් මේ සැපයුම්කරුවාම ලංකාවට ගල් අඟුරු ගෙන එනවා.
පුච්චන කිලෝ එකක් ගානේ සිදුවන පාඩුව මෙතෙකැයි කියා අපිට ගණනය කරන්න බැහැ.
සමහර විටෙක එය කිසිදිනෙක අපට සොයාගත නොහැකි පාඩුවක්.
මේවා තමයි ඉතාම දියුණු, නූතන ගැහිලි.
ක්ලොයිඩ් ගුරුබෑවිලගේ පසුගිය රතු ඉර වැඩසටහන් බලන්න.
මේ කතාවම ඔබට අවබෝධ කරගත හැකිවේවි.