අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගල්කිස්ස හෝටලයකින් මත්පැන් තොල ගා මේ පිටව යන්නේ ප්‍රබල ඇමතියෙක්..!

ගල්කිස්ස හෝටලයකින් මත්පැන් තොල ගා මේ පිටව යන්නේ ප්‍රබල ඇමතියෙක්..!

"Seafire" හෝටලයට ඔහු පැමිණියේ ඔහුගේ "PH-1283" දරන නිල "Double Cab" රථයෙන් පදනමට ගෙන සිටී ඇමතිවරයා හෝටලයෙන් නික්ම ගියේ ඔහුගේ "Sun Glass" කුට්ටම ද අමතක කරලා ඇමතිවරයා සිය නිල රථයෙන් "Seafire" හෝටලයට…

"Seafire" හෝටලයට ඔහු පැමිණියේ ඔහුගේ "PH-1283" දරන නිල "Double Cab" රථයෙන් 

පදනමට ගෙන සිටී ඇමතිවරයා හෝටලයෙන් නික්ම ගියේ ඔහුගේ "Sun Glass" කුට්ටම ද අමතක කරලා 

ඇමතිවරයා සිය නිල රථයෙන් "Seafire" හෝටලයට ගියේ නිල රාජකාරියකට ද..?

-ඇසින් දුටුවෙකු කියයි- 

ගල්කිස්ස හෝටලයකින් මත්පැන් තොල ගා මේ පිටව යන්නේ ප්‍රබල ඇමතියෙක්..!

ගල්කිස්ස "Seafire Family Restaurent & Bar" වෙත ඉරිදා (22) නිවාඩු දිනයේ රාත්‍රියේ පැමිණි ජාතික ජන බලවේග රජයේ ප්‍රබලම ඇමතිවරයෙකු පදමට මත්පැන් පානය කරමින් සිටී අතර තමා එම සිද්ධිය සිය ජංගම දුරකථනයෙන් පටි ගත කළ බව ඒ අවස්ථාවේ එහි සිටී ජනමාධ්‍යවේදියෙක්  "lankanewsweek" සමග පැවසීය.

මත්පැන් තොල ගෑම සඳහා අදාළ ප්‍රබල ඇමතිවරයා "Seafire Family Restaurent & Bar" වෙත පැමිණ ඇත්තේ රජයෙන් ඔහුට ලබා දී තිබෙන "PH-1283" දරන ඔහුගේ නිල "Double Cab" රථයෙන් වන අතර මේ සම්බන්ධයෙන් හෝටලයේ සේවකයින්ගෙන්  ජනමාධ්‍යවේදී චමිල තිසේරා මහතා කළ කරුණු විමසීමක දී ඔවුන් තහවුරු කර ඇත්තේ මෙම ඇමතිවරයා නිතරම එහි පැමිණෙන බවය.

එම ජනමාධ්‍යවේදියා එහිදී සිය සගයින් සමග මදුවිත ගෙන ඇත්තේ අදාළ ප්‍රබල ඇමතිවරයාට යාබද මෙසේයේ වන අතර එහිදී සිදු කෙරුණු දේශපාලන සංවාදයක දී ඔහුගේ සගයෙකු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලිවින් සිල්වා මහතා සහ ජාතික ජන බලවේග ආණ්ඩුව ගැන දේශපාලන විවේචනයක් කර තිබේ.

දැන්වීම

මෙම දේශපාලන විවේචනය සිය කණ වැකුණු වහාම ඒ දෙස හැරී බලා ඇති අදාළ ප්‍රබල ඇමතිවරයා සිය කණ්ඩායම සමග ක්ෂණිකව එම ස්ථානයෙන් පලා ගොස් ඇත්තේ සිය  "උපැස් යුවළ" කුට්ටම ද අමතක කරය. පසුව සුළු වේලාවකින් එම හෝටලයට පැමිණි ප්‍රබල ඇමතිවරයාගේ හිතවතෙකු එම "උපැස් යුවළ" කුට්ටම යළි රැගෙන ගොස් තිබේ. 

ජාතික ජන බලවේගයේ මෙම ප්‍රබල ඇමතිවරයාගේ නම සහ ඡායාරූප "lankanewsweek" දැනට හෙළිදරව් නොකරන අතර ඉදිරිය්දී හෙළි කරන්නෙමු. කෙසේ නමුත් ඔහුගේ නිල "Double Cab" රථයේ අංකය වන "PH-1283" ඔස්සේ මේ ඇමතිවරයා කවුද කියා ඕනෑම අයෙකුට සොයා ගත හැක.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න