අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි

ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි

(නිලන්ති චන්ද්‍රසේන) ගල්කිස්ස, කටුකුරුඳුවත්ත ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු අද (22)අත්අඩංගුවට ගෙන තිබේ. ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් මොවුන් මෙම…

(නිලන්ති චන්ද්‍රසේන)

ගල්කිස්ස, කටුකුරුඳුවත්ත ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු  අද (22)අත්අඩංගුවට ගෙන තිබේ.

ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් මොවුන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම වැටලීමෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් කන්තලේ, කතරගම, අනුරාධපුර, පාදුක්ක, මාරවිල සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව හඳුනාගෙන තිබේ.

මේ අතර තවත් ගණිකා නිවාසයක්  වැලිකඩ ප්‍රදේශයේ ද සොයාගෙන තිබේ. එම ගණිකා නිවසයද ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගොස් ඇති අතර එය පවත්වාගෙන ගිය කාන්තාවන් සිව් දෙනෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාවන්  හැටන්, බලංගොඩ සහ පිටිගල ප්‍රදේශවල පදිංචි කරුවන් වන අතර  ඔවුන් අද  (22 )අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි | Lanka Newsweek