අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගයන්ත කරුණාතිලක ඇල්පිටිය එජාප ඡන්ද පදනම විනාශ කළ හැටි

ගයන්ත කරුණාතිලක ඇල්පිටිය එජාප ඡන්ද පදනම විනාශ කළ හැටි

ඇල්පිටිය ඡන්ද පදනම 48% සිට 24% දක්වා අඩු කරලා එකම අලුත් ඡන්දයක්වත් එජාපයට හැරවීමට අසමත් වෙලා පරාජයේ වගකීම භාර ගෙන තනතුරුවලින් ඉල්ලා අස්වනු (සුජිත් මංගල ද සිල්වා) ඇල්පිටිය පුංචි ඡන්දය නිමාවට පත් වුණා.…

ඇල්පිටිය ඡන්ද පදනම 48% සිට 24% දක්වා අඩු කරලා 

එකම අලුත් ඡන්දයක්වත් එජාපයට හැරවීමට අසමත් වෙලා 

පරාජයේ වගකීම භාර ගෙන තනතුරුවලින් ඉල්ලා අස්වනු  

ගයන්ත කරුණාතිලක ඇල්පිටිය එජාප ඡන්ද පදනම විනාශ කළ හැටි

(සුජිත් මංගල ද සිල්වා)

ඇල්පිටිය පුංචි ඡන්දය නිමාවට පත් වුණා. එක්සත් ජාතික පක්ෂය පවා අපේක්ෂා කළ ආකාරයට එහි ජයග‍්‍රහණය මහින්ද-ගෝඨා-බැසිල් ත‍්‍රිත්වය විසින් නායකත්වය ලබා දෙන වත්මන් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් පහසුවෙන් අත්පත් කර ගත්තා. ඒ අනුව "දකුණේ සිංහල බෞද්ධ ජනමතය" මැන බැලීමට මෙම මැතිවරණය "ලිට්ස්මස්" නියැදි පරීක්ෂණයක් වුණා නම් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා "අති විශි්ෂ්ඨ" ජයග‍්‍රහණයක් ලබා ගන්නා බව පැහැදිලි වනවා.

එහෙත් පාලක එක්සත් ජාතික පක්ෂය සේම මධ්‍යස්ථ මතධාරීන් ද මේ ඡන්ද විමසුමේ ප්‍රතිඵලය ඉදිරි ජනපතිවරණය මැන බැලීමේ "සාර්ථක" නියැදියක් ලෙස ගණන් ගැනීමට කිසි ලෙසකින්වත්        සූදානම් නැහැ. ඒ අයගේ තර්කය වන්නේ "ඇල්පිටිය හැමදාම අපිට තිබුණේ නැහැ" කියන තර්කයයි. එමෙන්ම "මේ මැතිවරණ ප්‍රතිඵලය ජනාධිපතිවරණයට ප‍්‍රක්ෂේපණය කරන්න බැහැ" කියන තර්කයයි. 

දැන්වීම

විශේෂයෙන්ම මේ අදහසේ මුල සිටම දැඩිව එල්බ ගෙන සිටින්නේ බෙන්තර-ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක,ඉඩම්මේ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතායි.එපමණක් නොව එක්සත් ජාතික පක්ෂ නායකත්වය,එහි න්‍යායාචාර්යවරුන් සහ  පාක්ෂිකයින් අතර  ද මේ අදහස  මුල් බැස ගෙන තිබෙන බවක් පහසුවෙන් දැක ගත හැකියි.

උදාහරණයක් ලෙස "හරි...මැදකොළඹ ඡන්දයක් තියලා බලන්නකෝ මොකක්ද ප‍්‍රතිඵලය කියලා" යනුවෙන් ඇල්පිටිය මැතිවරණයට පෙර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කළ ප්‍රකාශය සියලු දෙනාටම මතක ඇති.ඇත්තටම මේ ලියුම්කරුගේ අදහස වන්නේ මේ අය මේ කරන්නේ "ගොරකා දඩමස් කිරීමක්", "මිදි ඇඹුල්" යැයි කියා සිටීම හෝ එසේ නැති නම්  "හිත රවටා ගැනීමක්" බවයි.

මේ ලිපිය මගින් "lankanewsweek" සංඛ්‍යා දත්ත සහ සාක්කි ඇතිව ඔප්පු කිරීමට යන්නේ බෙන්තර-ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ගයන්ත කරුණාතිලක මහතා එම ප්‍රදේශයේ එම පක්ෂයට තිබූ ඡන්ද පදනම 2002 සිට 2019 දක්වා වූ කාලය ඇතුළතදී විනාශ කළ ආකාරය සහ එම පක්ෂයේ නායකත්වය ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකර ඒ දෙස බලා සිටී ආකාරයයි.

ගයන්ත කරුණාතිලක ඇල්පිටිය එජාප ඡන්ද පදනම විනාශ කළ හැටි

එක්සත් ජාතික පක්ෂය කියන්නේ "අපි කවදාවත් ඇල්පිටිය දිනලා නෑ" කියන කතාව.ඒ කතාව අමුම අමු බොරුවක් බව පසුගිය පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂණයේදී මනාව පැහැදිලි වෙනවා. ඒ අනුව 2001 දෙසැම්බර් 05 පැවැති හදිසි මහ මැතිවරණයෙන් බලයට පත් එක්සත් ජාතික පක්ෂය 2002 මැයි 20 වැනි දින පවත්වන පළාත් පාලන මැතිවරණයේදී "ඇල්පිටිය" ප‍්‍රාදේශීය සභාව ජයග‍්‍රහණය කර තිබෙනවා. (වගු අංක 01 බලන්න)

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව බලයට පත් වූ අලුතම පැවැති මෙම මැතිවරණයෙන් එම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  බල කොටුව වූ "අත්තනගල්ල" පවා ජයග‍්‍රහණ කළ බව අමතක නොකර ඇල්පිටිය දෙස අවධානය යොමු කරන විට එක්සත් ජාතික පක්ෂය  ඡන්ද 15,513ක් ලබා ගෙන සියයට 48.27ක ප‍්‍රතිශතයක් වාර්තා කරන විට එවකට පැවැති  පොදු ජන එක්සත් පෙරමුණ (PA) ලබා ගත්තේ ඡන්ද 12,811ක් පමණයි. එම සංඛ්‍යාව ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 39.86ක් වුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය  2002 දී ඇල්පිටිය වැඩි ඡන්ද 2702කින් ජයග‍්‍රහණය කර තිබෙනවා. ඒ අනුව පැහැදිලි වන්නේ බලයේ සිටින විට "ශ‍්‍රීලනිප බල කොටු" පවා බිද දැමීමට එජාපයට හැකියාවක් තිබෙන බවයි.

2002 සිට ඉදිරියට, 2006 සහ 2011 යන වර්ෂවල පැවැත් වූ පළාත් පාලන මැතිවරණවලදී  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් හෝ ශ‍්‍රීලනිපයේ සහාය හිමි වූ කණ්ඩායම් විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ජයග‍්‍රහණය කර තිබෙනවා.ඒ අනුව 2006 පළාත් පාලන මැතිවරණයේ දී එජනිස නාම යෝජනා ප‍්‍රතික්ෂේප වූ නිසා එහි සහාය ලැබූ "ජාතික සංවර්ධන පෙරමුණ" ඇල්පිිටිය ප‍්‍රාදේශීය සභාවේ බලය ලබා ගත්තේ ඡන්ද 12,954ක් ලබා ගෙන සියයට 45.79ක ඡන්ද (මන්ත‍්‍රීධූර 13/8) ප්‍රතිශතයක් වාර්තා කරමිනුයි.එදා එජාපයට ලබා ගත හැකි වුණේ ඡන්ද 10,308ක් හෙවත් සියයට 36.43ක (ආසන 3ක්) ප්‍රතිශතයක් පමණයි. ඒ අනුව 2002 පළාත් පාලන මැතිවරණයට සාපේක්ෂව එජාපයේ ඡන්ද ප‍්‍රමාණය 5205කින් අඩු වන අතර එජනිස ඡන්ද ප‍්‍රමාණය ඡන්ද 143කින් අඩු වීමක් සිදු වෙනවා. (නාම යෝජනා ප‍්‍රතික්ෂේප වීමේ බලපෑම ද ඇතිව)

අනතුරුව 2011දී පවත්වන පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 19,954ක් හෙවත් සියයට 58.54ක් දිනා ගත් අතර එජාපයට දිනා ගත හැකි වුණේ ඡන්ද 10,427ක් හෙවත් සියයට 30.59ක ප‍්‍රතිශතයක් පමණයි.

මේ අනුව "ඇල්පිටිය අපට නෑ" යන තර්කය "අර්ධ සත්‍යක්" බව බැලූ බැල්මට පෙනී යනවා. ඒ 2002 දී ආණ්ඩු බලය තිබෙන විටඇල්පිටිය ප්‍රාදේශීය සභාව ජයග‍්‍රහණය කරන නිසම නොවෙයි.ඒ අනුව 2019 ඔක්තෝබර් 10 වැනිදා පැවැති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය 2002ට ද ගළපා ගත හැකියි. ඒ මෙම මැතිවරණය ද පවත්වන්නේ එජාප ආණ්ඩුවක් යටතේම වීම නිසයි. එහෙත් මෙම මැතිවරණයේදී එජාපය ඇල්පිටියෙන් ලබා ගන්නේ ඡන්ද 10,113ක් පමණයි. එම ප්‍රමාණය ප‍්‍රතිශතයක් වශයෙන් ගත් විට සියයට 24.3ක් හෙවත් 1/4ටත් අඩු අගයක් වනවා.

එමෙන්ම ආසන්න වර්ෂ වන 2002 සිට 2019 දක්වා ඇල්පිටියේ ඡන්ද සිතියම නිරීක්ෂණය කරන විට එජාපයේ ඡන්ද ප‍්‍රතිශතය සියයට 48.27 සිට සියයට 24.3 දක්වා එනම් සියයට 23.97කින් පහළ වැටී තිබෙනවා.එපමණක් නොව 2002 සිට 2019 දක්වා වූ කාලය ඇතුළතදී එජාපයේ ඇල්පිටියේ ඡන්ද පදනම 15,513 සිට 10,113 දක්වා, එනම් ඡන්ද 5400ක ප්‍රමාණයකින් පහළ බැස තිබෙනවා.ඒ අනුව පැහැදිලි වන්නේ එජාපය සියයට 48.27ක් ද,සියයට 36.43ක් සහ සියයට 30.59ක් ද, වශයෙන් 2002 සිට පවත්වා ගෙන ආ ඇල්පිටියේ ඡන්ද පදනම එහි ප්‍රධාන සංවිධායකවරයා වන ගයන්ත කරුණාතිලක යටතේ 2019 දී සියයට 24.30 දක්වා දැවැන්ත නායයාමකට ලක්ව ඇති බවයි.

මේ තත්ත්වය තවත් කෝණයකින් විග‍්‍රහ කළ හැකිව තිබෙනවා. ඒ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව සහ වලංගු ඡන්ද සංඛ්‍යාව අනුව (2002 සිට 2019 දක්වා සිදු වූ ජන ගහන වර්ධනයට සාපේක්ෂව) ඡන්ද පදනම හැසිරුණු ආකාරය විශ්ලේෂණය කිරීමෙනුයි.

ඉහත වගු සටහන අංක 02 ට අනුව 2002 දී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 44,968ක් වූ අතර එම සංඛ්‍යාව 2006 දී 46,346 දක්වාත්, 2011 දී 49,113 දක්වාත් 2019 දී 53,384 දක්වාත් වර්ධනය වී තිබෙනවා. එම ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවේ වර්ධනය 2002 ට සාපේක්ෂව විමසා බලන්නේ නම් ලියාපදිංචි ඡන්ද ප‍්‍රමාණයේ වැඩි වීම ඡන්ද 8416ක් වෙනවා.

මේ වැඩි වූ ඡන්ද (2002-2019) 8416න් එක්සත් ජාතික පක්ෂය සිය බෙන්තර-ඇල්පිටිය නායකයා වන ගයන්ත කරුණාතිලක මහතා යටතේ පසුගිය 2002 -2006-2011 සහ 2019 වසරවලදී ද කිසිදු සාධනීය වර්ධනයක් පෙන්වා නැහැ. උදාහරණයක් ලෙස 2002-2006 කාලයේදී  ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 44,968 සිට 46,346ක් දක්වා, ඡන්ද 1378කින් වර්ධනය වන විට එජාපයේ ඡන්ද පදනම 15,513 සිට 10,308 දක්වා අඩු වී තිබෙනවා. 

2011දී ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 46,346 සිට 49,113ක් දක්වා ඡන්ද 2767කින් ද, 2019 දී ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව  49,113 සිට 53,384  දක්වා ඡන්ද 4271කින් වර්ධනය වන විට ගයන්ත කරුණාතිලක මහතා බෙන්තර-ඇල්පිටියට ලබා දෙන නායකත්වය යටතේ එජාපයට සිදුව ඇත්තේ 2011 සිට 2019 දක්වා වූ කාලය ඇතුළතදී ඡන්ද 5400ක් අහිමි කර ගැනීමටයි.

මේ තත්ත්වය යටතේ ඉතාම පැහැදිලිව පෙනී යන්නේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ  සිංහල බෞද්ධ අති බහුරයෙන් සියයට 25ක ඡන්ද ප‍්‍රතිශතයක් පවා ලබා  ගැනීමට ගයන්ත කරුණාතිලක මහතා සහ එජාපය අසමත්ව තිබෙන බවයි. මේ තත්ත්වය ඇල්පිටිය සේම අනෙකුත් සිංහල බෞද්ධ ප‍්‍රදේශවලට ද ඒ ආකාරයෙන්ම හෝ ඊට සමීප ආකාරයෙන් ප‍්‍රක්ෂේපණය වුවහොත් ජනාධිපතිවරණයේදී එජාපයට මුහුණදීමට සිදු වන තත්ත්වය වටහා ගත හැකියි.

මේ හරහා "ඇල්පිටිය කොහොමත් ශ‍්‍රී ලංකා" යන එජාපයේ ප‍්‍රකාශය "සත්‍ය" බව තහවුරු නොවනවා පමණක් නොව එජාපයට "අලුත් ඡන්ද" ආකර්ශනය කර ගැනීම පමණක් නොව තිබෙන ඡන්ද පදනම පවා රැක ගත නොහැකි තත්ත්වයක් උද්ගතව පවතින බව පැහැදිලිව පෙනී යනවා.යළිත් මේ තත්ත්වය සාරංශ ගත කළ හොත් පැහැදිලි වන්නේ 2002 සිට 2019 දක්වා 17 වසර ඇතුළත ඇල්පිටියට එක්වූ 8416ක් වන "නව ඡන්ද" එජාපයට හැරවීමට ගයන්ත කරුණාතිලක මහතා අසමත් වී ඇති බවයි.

මේ අතර  ජනාධිපතිවරණය අභිමුව තිබිය දි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ලැබූ ඇත පරාජයේ සම්පුර්ණ වගකීම භාර ගෙන ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා බෙන්තර-ඇල්පිටිය සංවිධායක ධූරයෙන් ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු යැයි එම පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයින් වගේම ගාලු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානය කියා සිටිනවා.

මේ මැතිවරණ පරාජය සම්බන්ධයෙන් ගයන්ත කරුණාතිලක මහතාට ඍජුව චෝදනා එල්ල කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් ගණනාවක් ගයන්ත කරුණාතිලක මහතාට එරෙහිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිලි කර තිබෙනවා.

එක්සත්එ ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයින් සහ ගාල්ල දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් අග්‍රාමාත්‍ය රනිල්ධි වික්‍රමසිංහ මහතා හමුවේ පේනවා දි තිබෙන්නේ මේ පරාජයට හේතුව ගයන්ත කරුණාතිලක මහතා බෙන්තර-ඇල්පිටිය ජනතාව වෙනුවෙන් සංවර්ධන කටයුතු සිදු කරනවා තබා ඔහු එම ප්‍රදේශ පැත්ත පළාතෙවත් නොපැමිණීම සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් විධිමත් ප්‍රචාරක ව්‍යාපාරයක් තබා එකදූ ප්‍රධාන පෙළේ රැස්වීමක්වත් සංවිධානය කර ගැනීමට ඔහු අපොහොසත් වීම නිසා  බවය.

බෙන්තර-ඇල්පිටිය ආසනයේ ජනතාව ඇතුළු ගාලු දිස්ත්‍රික් ජනතාවට තබා එක්සත් ජාතික පක්ෂයේ ආසන සන්විධායකවරුන්ටවත් ගයන්ත කරුණාතිලක මහතාව දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට හෝ හමුවීමට නොහැකි තත්වයක් කාලයක් මුළුල්ලේ සිටම පවතින බව රනිල් වික්‍රමසිංහ මහතා වෙත වැඩිදුරටත් පෙන්වා දි ඇති මෙ කණ්ඩායම ගයන්ත කරුණාතිලක ගැන ඇත්ත දැන ගැනීමට නම් බෙන්තර-ඇල්පිටිය ආසනයට ගොස් එම ජනතාවගෙන්ම කරුණු ඇසිය යුතු යැයිද පෙන්වා දි තිබෙනවා.

ගයන්ත කරුණාතිලක ඇල්පිටිය එජාප ඡන්ද පදනම විනාශ කළ හැටි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6
බෙදාගන්න
ගයන්ත කරුණාතිලක ඇල්පිටිය එජාප ඡන්ද පදනම විනාශ කළ හැටි | Lanka Newsweek