අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඛන්ජිපානි ඉම්රාන්ට ජංගම දුරකථනයක් දෙන්න ආ පියා ඇතුළු 06ක් මාට්ටු..!

ඛන්ජිපානි ඉම්රාන්ට ජංගම දුරකථනයක් දෙන්න ආ පියා ඇතුළු 06ක් මාට්ටු..!

දුරකථනය රැගෙන ආවේ කෑම පෙට්ටියේ සඟවා ගෙන..! (ජයකාන්ත ලියනගේ) බුස්ස බන්ධනාගාරයේ රදවා සිටින ඛන්ජිපාන ඉම්රාන් නැමැති පාතාල රැදවියාට ලබා දිමට රැගෙන ආ බව කියන ජංගම දුරකථන දෙකක් සහ චාජර් දෙකක් ඔහුට ගෙන ආ…

දුරකථනය රැගෙන ආවේ කෑම පෙට්ටියේ සඟවා ගෙන..!

ඛන්ජිපානි ඉම්රාන්ට ජංගම දුරකථනයක් දෙන්න ආ පියා ඇතුළු 06ක් මාට්ටු..!

(ජයකාන්ත ලියනගේ)   

බුස්ස බන්ධනාගාරයේ  රදවා සිටින ඛන්ජිපාන ඉම්රාන් නැමැති පාතාල රැදවියාට ලබා දිමට රැගෙන ආ බව කියන ජංගම දුරකථන දෙකක් සහ චාජර් දෙකක්  ඔහුට ගෙන ආ ආහාර අසුරනයේ රහස් කුටියක තිබි බුස්ස බන්ධනාගාර වැටලීම් නිලධාරීන් විසින් අද (12) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ජංගම දුරකථන දෙක හා චාජර් දෙක රැගෙන මාලිගාවත්ත ප්‍රදේශයේ සිට පැමිණි ඛන්ජිපාන ඉම්රාන් නැමැති අයගේ පියා සහ සොහොයුරා ඇතුලු හය (06) දෙනෙකු මෙසේ අත් අඩංගුවට ගත් බව බුස්ස බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් සඳහන්  කළේය.

සිරකරුවන්ගේ දිනය හෙට (13) දිනට යෙදි තිබිම නිමිත්තෙන් පුරා සතියක් සිරකරුවන් වෙනුවෙන් විශේෂ වැඩ සටහන් බන්ධනාගාර තුළ සිදුකරන අතර අද (12) දින බුස්ස බන්ධනාගාරයේ රදවා සිටින සාමාන්‍ය සිරකරුවන් තුන්සිය පනහක් (350) හා විශේෂිත ගනයේ මත් ජාවාරම්කරුවන් හය (06) දෙනෙකු ඇතුළු 40 දෙනෙකු බැලීම සඳහා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට අද (12) දින අවස්ථාව ලබා දී තිබු බව බුස්ස බන්ධාගාර පාලන අධිකාරිය කියයි.

දැන්වීම

මෙම සිරකරුවන්ගේ පාලන කටයුතු මෙන්ම සිරකරුවන් බැලීම සදහා පැමිණෙන සියලු දෙනා විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක් මගින් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කර තිබුණි. එම ක්‍රමවේදය තුල මෙම අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද බූස්ස බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

එමෙන්ම දැවැන්ත මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන  ඛන්ජිපාන ඉම්රාන්, වෙලේ සුදා, තුසෙයි ගෞතම්, පොට්ට නවුෆර් වැනි සිරකරුවන් මෙම බුස්ස බන්ධනාගාරයේ රදවා තැබිමට මෑතකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරන ලද අතර එසේ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ වැඩපිළිවෙල සාර්ථක කර ගැනිමේ අරමුණින් බවද බන්ධනාගාර දෙපාර්ත්මේන්තුව කියයි.

විශේෂිත ගනයේ මත් දව්‍ය ජාවාරම්කරුවන් මේ වනවිට දිවයින පුරාම රදවා තැබෙන බන්ධනාගාර සිර කුටිවලට තෝරා ගත් බන්ධනාගාර නිලධාරින් දවසේ පැය 24 පුරාම රාජාකාරියේ යොදවා තැබිම නිසා මත් ජාවාරම්කරුවන්ට දුරකථන මඟින් බන්ධනාගාර  මත් දව්‍ය ජාවාරම් මෑතක සිට අවම කිරීමට හැකි වී තිබෙන බවද දැන ගන්නට තිබේ. එය සම්පුර්ණයෙන් නතර කිරිමට බන්ධනාගාර අමාත්‍යාංශය ගෙන ඇති විශේෂ වැඩ පිළිවෙළ සාර්ථකව ඉදිරියටත් පවත්වාගෙන යාමට මෙවැනි විශේෂ වැටලීම් තව දුරටත්  සිදු කරන බවද බන්ධනාගාර මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු අප කල විමසිමකදී පැවසිය.

අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හය (06) දෙනා ඉදිරි නීතිමය කටයුතු සදහා රත්ගම පොලිසියට භාර දිමට කටයුතු කල බව බුස්ස බන්ධනාගාර අධිකාරි පුලින කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

ඛන්ජිපානි ඉම්රාන්ට ජංගම දුරකථනයක් දෙන්න ආ පියා ඇතුළු 06ක් මාට්ටු..!

ඛන්ජිපානි ඉම්රාන්ට ජංගම දුරකථනයක් දෙන්න ආ පියා ඇතුළු 06ක් මාට්ටු..!

ඛන්ජිපානි ඉම්රාන්ට ජංගම දුරකථනයක් දෙන්න ආ පියා ඇතුළු 06ක් මාට්ටු..!

ඛන්ජිපානි ඉම්රාන්ට ජංගම දුරකථනයක් දෙන්න ආ පියා ඇතුළු 06ක් මාට්ටු..!

ඛන්ජිපානි ඉම්රාන්ට ජංගම දුරකථනයක් දෙන්න ආ පියා ඇතුළු 06ක් මාට්ටු..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ඛන්ජිපානි ඉම්රාන්ට ජංගම දුරකථනයක් දෙන්න ආ පියා ඇතුළු 06ක් මාට්ටු..! | Lanka Newsweek