අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කෝ ඔයාලගේ හෘද සාක්ෂිය කෝ..?

කෝ ඔයාලගේ හෘද සාක්ෂිය කෝ..?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබන සතියේ පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය සහ ආරක්‍ෂක ලේකම් සම්පත් තුහියකොන්තා හමුවීමට බලාපොරොත්තු බව පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසුවා. හේතුව අහලා බැලුවම තමයි ලැජ්ජා…

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබන සතියේ පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය සහ ආරක්‍ෂක ලේකම් සම්පත් තුහියකොන්තා හමුවීමට බලාපොරොත්තු බව පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසුවා.

හේතුව අහලා බැලුවම තමයි ලැජ්ජා හිතුනේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දුන්න වෙඩි නොවදින රථය විතරක් නෙවෙයි ආරක්‍ෂක නිලධාරීන් පාවිචිචි කරන වාහන පවා නැවත රජයට අරන්.

ඒක නිසා මහින්දගේ ජීවිතයට බරපතල තර්ජණයක් එල්ලාවෙලා.මහින්දට ආරක්ෂාව සැපයිම දැන් බරපතලම ප්‍රශ්නයක්. මේක බරපතල මානව හිමිකම් කඩ කිරීමක්. මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම දේශපාලන තීරණයක් බව කවුරුත් දන්නවා. හැබැයි ඒවා ක්‍රියාත්මක වෙන්නෙ ආරක්‍ෂක ලේකම් සහ පොලිස්පති හරහා.

දැන්වීම

ඇත්තටම මෙතනදී දේශපාලනයේ වඩා වැදගත් වෙන්නේ කොටි සංවිධානය පරාජය කළ නායකයා ආරක්ෂා කිරීමයි. එය සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම යුතුකමක් සහ වගකීමක්. මාලිමාවේ දේශපාලනඥයන්ට ඒ හෘද සාක්ෂිය නැතිවීම ගැන අපිට පුදුමයක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ ඒ සටනට දායක උන මේ අයගේ හෘද සාක්ෂිය කාකි සූට් ඇතුලේම සැගවුනේ කොහොමද කියන එකයි.

-RRMC-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කෝ ඔයාලගේ හෘද සාක්ෂිය කෝ..? | Lanka Newsweek