අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොළඹ රථ ගාල් කිරීමේදී අය කළ දඩය වහාම අත් හිටුවයි

කොළඹ රථ ගාල් කිරීමේදී අය කළ දඩය වහාම අත් හිටුවයි

(නිලන්ති චන්ද්‍රසේන) කොළඹ නාගරික සීමාවෙහි රථ ගාල්වල සවි කර තිබූ මීටර් මගින් ගාස්තු ගෙවීම පැහැර හැරියම සිදු කළ අය ගෙන් සිදු කළ අය කිරීම් වහාම අත්හිටුවීමට කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය නියෝග…

(නිලන්ති චන්ද්‍රසේන)

කොළඹ නාගරික සීමාවෙහි රථ ගාල්වල සවි කර තිබූ මීටර් මගින් ගාස්තු  ගෙවීම පැහැර හැරියම  සිදු කළ අය ගෙන් සිදු කළ  අය කිරීම් වහාම අත්හිටුවීමට කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය නියෝග කර තිබේ.

ඉදිරියේදී මහ නගර සභාවේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව මෙම නියෝගය කළ බව  නගරාධිපතිනියගේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

කොළඹ නාගරික සීමාවේ ඇතැම් රථ ගාල්වල ගාස්තු අය කිරීම සඳහා ස්වයංක්‍රීය මීටර සවි කර තිබූ අතර ඒවායින් ගාස්තු නොගෙවන රථ වාහන හිමිකරුවන්ගෙන් දඩ අය කිරීමට පසුගිය දිනවල පියවර ගෙන තිබුනද එය සාධාරණව සිදු නොවීම හේතුවෙන් මෙම පියවර ගත් බව වාර්තා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොළඹ රථ ගාල් කිරීමේදී අය කළ දඩය වහාම අත් හිටුවයි | Lanka Newsweek