අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..!

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..!

(නිලන්ති චන්ද්‍රසේන) අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (20) රාත්‍රි 9.00 සිට පසුදා(21) පෙරවරු 6.00 දක්වා පැය 9 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා…

(නිලන්ති චන්ද්‍රසේන)

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (20) රාත්‍රි 9.00 සිට පසුදා(21)  පෙරවරු 6.00 දක්වා පැය 9 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ අනුව බේස්ලයින් පාරේ කැලණි පාලම මංසන්ධියේ සිට දෙමටගොඩ මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධිත වන  අතුරු මාර්ග, හෙට්ටි වීදිය සහ එයට අදාළ  සියලු අතුරු මාර්ග මෙන්ම කොළඹ 13, 14 හා 15 යන ප්‍රදේශවලට  මෙලෙස ජල සැලයුම අත්හිටුවනු  ලැබේ.

මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට ද  අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයප්‍රකාශ කර සිටී.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..! | Lanka Newsweek