අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොළඹ කුණු පුත්තලමට ..!

කොළඹ කුණු පුත්තලමට ..!

නොවැම්බර් 01 දා සිට කොළඹ මහ නගර සභාවේ කැළි කසළ පුත්තලම අරුවක්කාඩු හි ඉදිකළ සනීපාරක්ෂක කසළ රඳවනයට රැගෙන යන බව බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශය පවසයි. මෙහි පළමු අදියරේදී විශේෂිත වාහන යොදා ගනමින්…

නොවැම්බර් 01 දා සිට කොළඹ මහ නගර සභාවේ කැළි කසළ පුත්තලම අරුවක්කාඩු හි ඉදිකළ සනීපාරක්ෂක කසළ රඳවනයට රැගෙන යන බව බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

 මෙහි පළමු අදියරේදී විශේෂිත වාහන යොදා ගනමින් කොළඹ මහ නගර සභාවේ දැනට පවතින කසළ ටොන් 600 ක් දෛනිකව අරුවක්කාඩු වෙත රැගෙන යාමට සැළසුම් කර ඇති බව එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් පුත්තලම, අරුවක්කාඩු ප්‍රදේශයේ ජනතාව කසළ රඳවනයට විරෝධය පළ කරමින් පසුගිය සති කිහිපයේ  අවස්ථා කිහිපයකදීම උද්ඝෝෂණවල නිරත විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොළඹ කුණු පුත්තලමට ..! | Lanka Newsweek