අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොළඹ ආරක්ෂක නිලධාරීන්ගේ දුක සැප බැලීමට රවී පියවර ගනී

කොළඹ ආරක්ෂක නිලධාරීන්ගේ දුක සැප බැලීමට රවී පියවර ගනී

ත්‍රිවිධ හමුදාව-පොලීසිය දිරි ගන්වයි ත්‍රිවිධ හමුදාව-පොලීසිය දිරි ගන්වයි ▶ වීඩියෝව නරඹන්න (නිලන්ති මානෙල්) කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පිහිටුවා තිබෙන ආරක්ෂක මුර කපොලු 150ක දිවා රෑ රාජකාරියේ යෙදී…

ත්‍රිවිධ හමුදාව-පොලීසිය දිරි ගන්වයි ත්‍රිවිධ හමුදාව-පොලීසිය දිරි ගන්වයි 

▶ වීඩියෝව නරඹන්න

(නිලන්ති මානෙල්) 

කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පිහිටුවා තිබෙන ආරක්ෂක මුර කපොලු 150ක දිවා රෑ රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ගේ සුව දුක් සහ අවශ්‍යතා පිළිබඳව කරුණු සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පියවර ගෙන තිබේ.

CVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය සහ සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය ඇතුළු ක්‍රියාමාර්ගවලට අදාළව නීතිය ක්‍රියාත්මක කරමින් සහ ඊට සහය පළ කරමින් ජනතාවගේත් රටේත් ආරක්ෂාව වෙනුවෙන් දිවා රෑ නොනිදා රාජකාරියේ යෙදී සිටින මේ පොලිස් නිලධාරීන් දෙස දේශපාලකයෙකුගේ අවධානය මෙසේ යොමු වී තිබෙන්නේ ප්‍රථම වතාවටය.

දැන්වීම

මෙම ආරක්ෂක මුර කපොලු 150 ආවරණය වන පරිදි මේ දිනවල එම ස්ථානවලට ගමන් කරමින් සිටින රවී කරුණානායක මහතා එම නිලධාරීන් දිරි ගන්වන අතර ඒ අයගේ කෑමබීම සහ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු අවශ්‍යතා සපුරාලමින් සිටින බව වාර්තා වේ.    

කොළඹ ආරක්ෂක නිලධාරීන්ගේ දුක සැප බැලීමට රවී පියවර ගනී

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොළඹ ආරක්ෂක නිලධාරීන්ගේ දුක සැප බැලීමට රවී පියවර ගනී | Lanka Newsweek