අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොවිඩ් දේහ ආදාහනයට පළාත් පාලන ආයතන මුදල් අයකිරීම වහාම නවතනු..!

කොවිඩ් දේහ ආදාහනයට පළාත් පාලන ආයතන මුදල් අයකිරීම වහාම නවතනු..!

(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් ආසාදිත වී මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කිරීම සඳහා සමහර පළාත් පාලන ආයතන මුදල් අය කරන බවත් පීඩාවට පත්ව ඉන්න ජනතාව මේ හේතුවෙන් තව තවත් අපහසුතාවයන්ට පත්ව තිබෙන බව මහජන සෞඛ්‍ය…

(හේමන්ත තුසිත කුමාර)

කොවිඩ් ආසාදිත වී මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කිරීම සඳහා සමහර පළාත් පාලන ආයතන මුදල් අය කරන බවත්  පීඩාවට පත්ව ඉන්න ජනතාව මේ හේතුවෙන් තව තවත් අපහසුතාවයන්ට පත්ව තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 

තව දුරටත් ඔහු මෙසේද පැවසීය.

මේ හේතුවෙන් සමහර ගම්වල මිනිසුන්ට දේහ ආදාහනය කිරීමට මුදල් එකතු කර දීමට සිදුව තිබෙනවා.  ඉතාම අපහසුවෙන් මේ මුදල් ගෙවපු පවුල්වලට ඒ මුදල් ආපහු ලබා දිය යුතුයි. ඔවුන්ට මේ අවස්ථාවේ  එය යම් සහනයක් වේවි.

ඒ වගේම කොවිඩ් ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ දේහ ආදාහනය කිරීම සඳහා මල්ශාලා විවිධ ආකාරයෙන් මැදිහත් වෙමින් තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතුයි . එවිට ජනතාව අපහසුතාවයට පත්වීම වළක්වා ගත  හැකියි."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න