කොල්ලෝ සජිත්ගෙන් ආතල් එකක් ගන්නවා කියපු හඳුන්ට වෙච්ච දෙයක්

කොල්ලොන්ගේ නෙමේ දැන් මුළු රටේම ආතල් එක හඳුන් (අචින්ත මධුර) අමාත්‍ය හඳුන්නෙත්ති මහතා නැවතත් කරලියට පැමිණියේ ඔහුගේ නොබෙල් ත්‍යාග කතාවෙනි. ඔහු දැන් බිග් කුච්චන් හඳුන්ගේ සිට පාන්-නෙත්ති වී වැඩි කල් ගත…
කොල්ලොන්ගේ නෙමේ දැන් මුළු රටේම ආතල් එක හඳුන්
(අචින්ත මධුර)
අමාත්‍ය හඳුන්නෙත්ති මහතා නැවතත් කරලියට පැමිණියේ ඔහුගේ නොබෙල් ත්‍යාග කතාවෙනි. ඔහු දැන් බිග් කුච්චන් හඳුන්ගේ සිට පාන්-නෙත්ති වී වැඩි කල් ගත වීමටත් පෙර දැන් නොබෙල් හඳුන් බවට පත් වී ඇත.
උදෑසන පත්තරය කියවන චමුදිත මේ සතියත් හඳුන්ගේ, වෙන කාටවත් අවස්තාවක් දෙන්නේ නෑ වගේ යයි ප්‍රකාශ කලේ සිනහව පාලනය කර ගත නොහැකිවය. එය පසෙක තැබුවත් මේ වන විට හඳුන්ට තම පක්ෂයේ සාමජිකයින්ම හිනා වන මට්ටමට පැමිණ ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා බඩ පැලෙනකන් හඳුන්ට හිනා වීම මගින් පැහැදිලි වේ.
නමුත් හඳුන්නෙත්ති මහතා පසුගිය ජනාධිපතිවරණට පෙර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය පිළිබඳව මෙන්ම අවස්ථා කිහිපයකදීම සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම සුලබ දසුනක් බවට පත් වී තිබුණි. එහිදී එක් අවස්තාවකදී හඳුන්නෙත්ති මහතා ප්‍රකශ කළේ ‘කොල්ලෝ සජිත්ට ඡන්දෙ දෙන්නෙ සජිත්ගෙන් ආතල් එකක් ගන්න' ලෙසිණි.
දැන් මුළු රටේම අතල් එක බවට හඳුන්නෙති අමාත්‍යවරයා පත්ව තිබීම දෛවෝපගත සිදු වීමකි. මෙහිදී අපට සිහි වනුයේ 'තමුන්ගේ ඇහේ තියෙන පොල් පරාලෙ පේන් නෑ - අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා' යන ප්‍රකාශයයි.