අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල් ගතව සිටින බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට

කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල් ගතව සිටින බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට

කොරෝනාවෛරස් රෝග ලක්ෂණ "උත්සන්නවීම" හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු බව අගමැති නිල නිවසේ ප්‍රකාශකයෙකු පැවසීය. "අවශ්‍ය විටෙක" තමා වෙනුවෙන් වැඩ බලන ලෙස…

කොරෝනාවෛරස් රෝග ලක්ෂණ "උත්සන්නවීම" හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු බව අගමැති නිල නිවසේ ප්‍රකාශකයෙකු පැවසීය.

"අවශ්‍ය විටෙක" තමා වෙනුවෙන් වැඩ බලන ලෙස අගමතිවරයා විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් වෙතින් ඉල්ලා ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. කොරෝනාවෛරසය ආසාදනය වී සිටි 55 හැවිරිදි අගමැති බොරිස් ජොන්සන් ඉරිදා (අප්‍රේල් 05) රෝහල්ගත කෙරිණි.

කොරෝනාවෛරසය ආසාදනය වී රෝහල් ගත වී සිටින නමුත් බ්‍රිතන්‍ය අගමැති බොරිස් ජොන්සන් ආණ්ඩුව මෙහෙයවමින් තවමත් සිය ධුරයේ වගකීම් ඉටු කරමින් සිටින බව නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය රොබර්ට් ජෙන්රික් පවසා මීට පෙර පවසා තිබිණි.

දැන්වීම

කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් දින 10කට පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉරිදා (අප්‍රේල් 05) රෝහල් ගත කෙරුණු බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.

ඔහු ලන්ඩන්හි රෝහලක් වෙත රැගෙන යනු ලැබ ඇත්තේ, ශරීර උෂ්ණත්වය ඇතුළු "පහ නොවන රෝග ලක්ෂණ" තිබියදීය.

අගමැතිවරයාට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි "පූර්වාරක්ෂක ක්‍රියාමාර්ගයක්" වශයෙන් එවැනි පියවරක් ගත් බව පැවසේ.

කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල් ගතව සිටින බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට



55 හැවිරිදි බොරිස් ජොන්සන් රාත්‍රිය පුරා "දෛනික පරීක්ෂණ" මාලාවකට ලක් කෙරුණු බව වාර්තා විය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, "ඔහුගේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍යවරයා පරීක්ෂණ සදහා රෝහල්ගත කළ," බවය.

"මේක අගමැතිවරයාට දින 10ක් පුරා රෝග ලක්ෂණ දිගට ම තිබුණ නිසා ගනු ලැබූ පූර්වාරක්ෂක පියවරක්."

කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල් ගතව සිටින බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිවරයාට සුවය පතයි


මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ කළේ, බොරිස් ජොන්සන්ට සුවය පතා "ජාතියේ ආශීර්වාදය" පළ කරමිනි.

බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායක කියර් ස්ටාමර් ද බොරිස් ජොන්සන්ට "ඉක්මන් සුවය" ප්‍රාර්ථනා කළේය.

කොරොනාවයිරසය ආණ්ඩුවේ ඉහළ ම මට්ටම්වලට බලපෑම් එල්ල කර තිබේ.

අගමැති බොරිස් ජොන්සන් වෛරසයේ අප්‍රසන්න යථාර්ථය පෞද්ගලිකව අත්විදිමින් සිටී.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් තරයේ පවසන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා තවදුරටත් බොරිස් ජොන්සන් බවය. අමාත්‍ය මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් සමග සමීපව කටයුතු කරන බවත් අගමැති කාර්යාලය කියා සිටී.

විය නොහැකි යයි සිතන දේ යථාර්ථයක් බවට පත් කිරීමට ඇති හැකියාව කොරෝනාවෛරසය යළි යළිත් ඔප්පු කරමින් සිටී.

උපදේශකයින්, නිලධාරීන් සහ අමාත්‍යංශ සේවකයින්ට ස්වයං හුදෙකලා වීමට එය බල කර තිබේ.

-BBC සිංහල සේවය-  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න