කොදෙව් සංචාරය අතරතුර ක්‍රීඩකයින් දෙදෙනක් යළි දිවයිනට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) තරග 3කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු යළි දිවයිනට පැමිණීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්…
(නිලන්ති චන්ද්‍රසේන)
තරග 3කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු යළි දිවයිනට පැමිණීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
මෙසේ දිවයිනට පැමිණීමට නියමිත ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ ඇන්ජලෝ මැතිව්ස් හා ළහිරු ගමගේයි. ඇන්ජලෝ මැතිව්ස් සිය පෞද්ගලික හේතුවක් මත හා ලහිරු ගමගේ ආබාධයකට ලක් වීමෙන් යළි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඔවුන් දෙදෙනා වෙනුවට ධනුෂ්ක ගුණතිලක හා දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට කෙදෙව් දූපත් කරා අද (13) රාත්‍රියේ පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1