අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

කෘත්‍යාධිකාරියේ නපුංසක බලයෙන් රනිල් ඉදිරියට

කෘත්‍යාධිකාරියේ නපුංසක බලයෙන් රනිල් ඉදිරියට

කරූට දුන් පොරොන්දුව යළි කඩයි නායකත්වයට රුවන් ඔනෑ කියයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට කරූ ජයසූරිය මහතා පත් කිරීමට මුලින් එකඟ වූ, එම පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා සුපුරුදු පරිදිම සිය…

කරූට දුන් පොරොන්දුව යළි කඩයි 

නායකත්වයට රුවන් ඔනෑ කියයි 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට කරූ ජයසූරිය මහතා පත් කිරීමට මුලින් එකඟ වූ, එම පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා සුපුරුදු පරිදිම සිය දේශපාලන ජන්ම ගති, කපටි කෛරටිකකම් සහ උපාය උපක්‍රම යොදා ගනිමින් එම තීරණය ආපස්සට හැරවීමට කටයුතු කරමින් සිටියි.

එක්සත් ජාතික පක්ෂයට තරුණ නායකත්වයක් අවශ්‍ය බව කියමින් රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර සිටින්නේ ඒ සඳහා සිය මස්සිනා වන රුවන් විජයවර්ධන මහතා පත් කළ යුතු අතර පක්ෂයේ මහා ලේකම්වරයා ලෙස අර්ජුන රණතුංග මහතා ගෙන ආ යුතු බවය.

කෙසේ නමුත් මීට පෙර, එනම් සඳුදා (10) කරූ ජයසූරිය මහතා හමු වූ රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට පොරොන්දු වූයේ තමා නායකත්වයෙන් ඉල්ලා අස් වන අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඔහුට භාර ගන්නා ලෙසය.

දැන්වීම

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගේ ඉල්ලීම මත තමා පක්ෂයේ නායකත්වය භාර ගැනීමට සූදානම් බව එහිදී පවසා ඇති කරූ ජයසූරිය මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ "twiter" පණිවිඩයක් ද නිකුත් කරමින් කියා ඇත්තේ බහුතරයේ ඉල්ලීම මත තමා පක්ෂයේ වගකීම් භාර ගැනීමට සූදානම් බවය.

මේ සම්බන්ධයෙන් "lankanewsweek" කණ්ඩායමට කියා සිටීමට සිදු වන්නේ රටක් නොව ලෝකයක් ප්‍රතික්ෂේප කරන සහ පිළිකුල් කරන රනිල් වික්‍රමසිංහ වැන්නෙකුට බිය වී ඔහු තවමත් පක්ෂ නායකත්වයේ තබා ගැනීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ක්‍රියා කරන්නේ එහි සිටින සභිකයන් බහුතරය නපුංසකයන් විය හැකි නිසා බවය.    

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න