අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කුහක නොවී කරූට අවස්‌ථාව දුන්නා නම් සජිත් අනාථ වන්නේ නැහැ

කුහක නොවී කරූට අවස්‌ථාව දුන්නා නම් සජිත් අනාථ වන්නේ නැහැ

රනිල් වැනි කූඨකයෙකු අගමැති වන්නේත් නැහැ අගමැතිකමට කරූගේ නම යෝජනා කළේ කබීර් එම යෝජනාව බහුතරය අනුමත කළා කුහකකමට සජිත් නිහඬව සිටියා මේ වන විට සජිත් සජබය අභ්‍යන්තරයේ තනි වෙලා ජනතාව වෙනුවෙන් අගමැතිකමේ…

රනිල් වැනි කූඨකයෙකු අගමැති වන්නේත් නැහැ 

අගමැතිකමට කරූගේ නම යෝජනා කළේ කබීර් 

එම යෝජනාව බහුතරය අනුමත කළා 

කුහකකමට සජිත් නිහඬව සිටියා 

මේ වන විට සජිත් සජබය අභ්‍යන්තරයේ තනි වෙලා 

කුහක නොවී කරූට අවස්‌ථාව දුන්නා නම් සජිත් අනාථ වන්නේ නැහැ

ජනතාව වෙනුවෙන් අගමැතිකමේ අභියෝගය භාර ගෙන රට මෙහෙය වන්න තමාට හැකියාවක් සහ ශක්තියක් නොමැති නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ යුතුව තිබුණේ ඒ අවස්ථාව හිටපු කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතාට ලබා දීම යැයි සමගි ජන බලවේගයේ ප්‍රබල නායකයෙක් "lankanewsweek" සමග පැවසීය.

ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාට බල කරමින් රට පුරා උද්ඝෝෂණය කරන ජනතාව ඉල්ලා සිටින නිර්පාක්ෂික නායකයාට අවශ්‍ය සියලු සුදුසුකම් සහ ගුණාංග තිබෙන්නේ කරු ජයසූරිය මහතාට යැයි ද ඔහු සඳහන් කළේය.

දැන්වීම

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ගෙන ඔහු අගමැති කරවා රට-ජනතාව වෙනුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට ක්‍රියා කරන්නැයි එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී යෝජනා කළ අතර බහුතරය එම යෝජනාව අනුමත කළ නමුත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී නිහඬ සිටී බව ද එම ප්‍රබලයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන වශයෙන් කුහක නොවී රට-ජනතාව වෙනුවෙන් එදා එම තීරණය ගත්තා නම් ඒකාධිපති රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කරන රනිල් වික්‍රමසිංහ වැනි කූඨකයෙකු අගමැති වන්නේ නැතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

රට-ජනතාව වෙනුවෙන් බිය-සැක සහ කුහකකම නොමැතිව ආණ්ඩුව භාර නොගැනීම සහ තමාට ආණ්ඩුව භාර ගැනීමට නොහැකි නම් ඒ අවස්ථාව කරු ජයසූරිය මහතාට ලබා නොදීම මත සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුදය මේ වන විට තව තවත් උග්‍ර පුපුරා යන තත්ත්වයට පැමිණ ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා තනි වී ඇතැයි ද සමගි ජන බලවේගයේ එම ප්‍රබලයා වැඩි දුරටත් සඳහන් කළේය.   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කුහක නොවී කරූට අවස්‌ථාව දුන්නා නම් සජිත් අනාථ වන්නේ නැහැ | Lanka Newsweek