අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

කුසල්ට-දික්වැල්ලට වැඩ වරදී

කුසල්ට-දික්වැල්ලට වැඩ වරදී

(හේමන්ත තුසිත කුමාර) එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර දැනට පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් කණ්ඩායමේ නීති රීති උල්ලංඝනය කරමින් රාත්‍රී කාලයේ එරට සැරිසරන ආකාරය…

(හේමන්ත තුසිත කුමාර)

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර දැනට පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය  අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් කණ්ඩායමේ නීති රීති උල්ලංඝනය කරමින් රාත්‍රී කාලයේ එරට සැරිසරන ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත්ව ඇති අතර ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දී ඇත.

පවතින කොවිඩ්19 තත්වය  හමුවේ එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය ජෛව ආරක්ෂිත බුබුලකට යටත්ව පැවැත්වෙන අතර එම ක්‍රීඩකයින් තිදෙනා එම රීති උල්ලංඝනය කර ඇත්නම් ඔවුන්ව එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඉහත කී වීඩියෝවේ සඳහන් කල  ක්‍රීඩකයින් තිදෙනා වන්නේ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන්ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කුසල්ට-දික්වැල්ලට වැඩ වරදී | Lanka Newsweek