කුලියාපිටියට කර්මාන්තපුර 30ක්-සජිත්-

මුළු රට පුරාම සිදු කරනු ලබන ඩිජිටල් විප්ලවය තුළ කුලියාපිටිය ප්‍රදේශයට කර්මාන්තපුර, නව තාක්ෂණ විද්‍යාල සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන 30 බැගින් ලබා දීමට කටයුතු කරන බව ඊයේ කුලියාපිටියේ පැවති ජන රැලියක්…
මුළු රට පුරාම සිදු කරනු ලබන ඩිජිටල් විප්ලවය තුළ කුලියාපිටිය ප්‍රදේශයට කර්මාන්තපුර, නව තාක්ෂණ විද්‍යාල සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන 30 බැගින් ලබා දීමට කටයුතු කරන බව ඊයේ කුලියාපිටියේ පැවති ජන රැලියක් අමතමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
"එක්ව ඉදිරියට" යන තේමාව යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් කුලියාපිටිය නගරයේදී ඊයේ පැවැත්විය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ඒ මහතා මෙසේද පවසා සිටියේය.
දැන්වීම
"මම කැටි වළාකුළු වල නෙවේ ඉන්නේ..මම කෙඳි වළාකුළු වල නෙවේ ඉන්නේ.
මම ඔරිජිනල්ම ශ්‍රී ලංකන්.
කෙසේ වෙතත් පුරවැසි භාවය මට නම් වැඩක් නෑ..
හේතුව.. 16 වෙනිදාට වාර්තා ගත ජයග්‍රහණයක් අපි මුළු රටින්ම ගන්නවා.
ඒ නිසා පුරවැසි භාවය ගැන කතා කරලා මේ රේස් එකෙන් කවුරුත් පිටට යන්න ඕනේ නෑ."