අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“කුමාර වෙල්ගම පිස්සෙක්”-මහින්දාන්ද-

“කුමාර වෙල්ගම පිස්සෙක්”-මහින්දාන්ද-

“මහින්දානන්ද අලුත්ගමගේ ආණ්ඩුවේ ඔත්තු කාරයෙක්”-වෙල්ගම- (උපුල් බණ්ඩාර) ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව එම කණ්ඩායමේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු…

“මහින්දානන්ද අලුත්ගමගේ ආණ්ඩුවේ ඔත්තු කාරයෙක්”-වෙල්ගම-

(උපුල් බණ්ඩාර)

ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව එම කණ්ඩායමේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර රැස්වීමකදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කුමාර වෙල්ගම මහතාට එරෙහිව මේ දැඩි ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ ඔහු විපක්ෂ නායක ධූරය ඉල්ලා සිටීම,හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සහ එමගින් අභ්‍යන්තර ගැටුම් ඇති කර ආණ්ඩුවට දේශපාලන වාසි සැලසීම කාරණා මතය.

කුමාර වෙල්ගම මහතාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස එහිදී විවේචනය කරමින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා හදිසියේම ප්‍රකෝපයට පත්ව “අයිසේ...තමුසේ පිස්සෙක්...” කියා කුමාර වෙල්ගම දෙසට ඇඟිල්ල දිගු කර ඇත.

ඒ සමගම දැඩි අවේගයටත් ප්‍රකොපයටත් පත් කුමාර වෙල්ගම මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ද දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

“හිරේ යන්න බයේ ආණ්ඩුවත් එක්ක “ඩීල්” ගහ ගෙන සුදනෝ වගේ විපක්ෂයේ ඉන්න අය ගැන අපි දන්නවා” යැයි කුමාර වෙල්ගම මහතා මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඇඟිල්ල දිගු කරමින් චෝදනා කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“කුමාර වෙල්ගම පිස්සෙක්”-මහින්දාන්ද- | Lanka Newsweek