අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කුඩා දරුවා විදුලි සැර වැදී මරුට

කුඩා දරුවා විදුලි සැර වැදී මරුට

විල්ගමුව – පේරකනත්ත ප්‍රදේශයේදී (27)වැනිදා විදුලිසැර වැදී කුඩා දරුවෙකු මිය ගොස් තිබෙයි.මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 07 ක් වැයසැති නාමිනිගම, පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයෙකි. මියගිය දරුවාගේ…

විල්ගමුව – පේරකනත්ත ප්‍රදේශයේදී (27)වැනිදා විදුලිසැර වැදී කුඩා දරුවෙකු මිය ගොස් තිබෙයි.මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 07 ක් වැයසැති නාමිනිගම, පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයෙකි.

මියගිය දරුවාගේ දෙමාපියන් විසින් නිවස හා ගෙවත්ත වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි වැටක් සකස් කර ඇති අතර, දෛනිකව සවස 06 සිට විදුලිය සපයා පසුදින උදෑසන 06ට එය විසන්ධි කිරීමට කටයුතු කර ඇත.

සිද්ධිය වූ දින විදුලිය විසන්ධි කිරීමට නිවැසියන්ට අමතක වී ඇති අතර, මරණයට පත් වූ දරුවා නිවස පිටුපස පිහිටි දිවුල් ගසේ දිවුල් ඇහිඳීම සඳහා ගොස් සිටියදී මෙලෙස විදුලිසැර වැදී ඇති බව සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙයි.

දැන්වීම

විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

[කුමාරි පතිරාජ ]

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න