කුඩාපොල හාමුදුරුවනේ.. ලාලා කියනවා සිවුර ගලවලා එන්න කියලා

තවමත් අපි ඉන්නේ 2026 අවුරද්දේ පලවෙනි මාසේ.අද 26යි.2025 දී රටේ රාළ කියපු අනාවැකිය ඔයාලට ආයෙත් මතක් කරන්න හිතුනා.රටේ රාළ ඒ අනාවැකිය කිව්වේ 2025 අවුරුද්ද මැද හරියේදී.ඒ 2026 අවුරුද්ද අධි අර්බුදකාරි එකක්…
තවමත් අපි ඉන්නේ 2026 අවුරද්දේ පලවෙනි මාසේ.අද 26යි.2025 දී රටේ රාළ කියපු අනාවැකිය ඔයාලට ආයෙත් මතක් කරන්න හිතුනා.රටේ රාළ ඒ අනාවැකිය කිව්වේ 2025 අවුරුද්ද මැද හරියේදී.ඒ 2026 අවුරුද්ද අධි අර්බුදකාරි එකක් සහ 2027 අවුරද්දේ පළවෙනි කාර්තුව පෙරළිකාර කාල පරිච්ඡේදයක් බවයි. එදා රටේ රාළ ඒ කතාව කියනකොට බැනපු කීපදෙනෙක් දැන් රටේ රාළට කතා කරනවා.
එයාලා දැන් අහන්නේ ඔයා කොහොමද එහෙම කියන්නේ කියලා. රටේ රාළ එයාලගෙන් ඇහුවේ ඔයාලා එදා මට බැන්නේ එහෙම වෙන්නේ නෑ කියලයි.ඔයාලා ඇයි එහෙම කිව්වේ සහ ඔයාලගේ ස්ථාවරය වෙනස් වෙලාද කියලා.එයාලා කියන්නේ අවුලක් තියෙන බව දැනෙනවා කියලයි.ඒ කියන්නේ මාලිමාවේ ගොඩක් අයට අවුල දැනෙමින් තියනවා.තවදුරටත් මේ ආණ්ඩුව ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මේක නැතිවුනොත් යන එනමං නැතිවෙන 3%නේ ජෙප්පන්ගෙන් කොටසක් විතරයි.
එයාලා ඉතින් තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් මරාගෙන මැරෙන්න එන එක සාධාරණයි.අනික ජෙප්පන්ට ඔළුවක් නෑ. තියෙන්නේ බඩක් විතරයි.බඩක් විතරක් තියන එකා බඩ වෙනුවෙන් සටන් නොකර වෙන මොකක් කරන්නද?අඩුම ගානේ පොඩි හරි ඔළුව තිබුණා නම් ඔළුව පාවිච්චි කරගෙන බඩට කන්න හොයාගන්න තිබුණා.මේ අවුරද්දේ ආරම්භයත් එක්ක ආණ්ඩුව තව වැඩි දවසක් යන්නේ නෑ කියන සාකච්ඡාව ඇවිත්. නන්දන මරලා දැම්මට පස්සේ රටම මූසලවෙලා.
දැන්වීම
අනුරගේ මූණේ ලේ කඳුලක් නෑ.ජවිපෙ නායකයෝ වියරු වැටිලා. අර පහනක් නිවෙන්න යනකොට දැල්ලේ දීප්තිය වැඩි වෙනවා වගේ,දැල්ල නිමෙන්න යනකොට දැල්ල නටනවා වගේ දැන් ආණ්ඩුවේ අය තමන්ගේ අවසන් නැටුම් ටික නටන්න පටන් අරන්. ලාල් කාන්ත,මහින්ද ජයසිංහ,නලින්ද ජයතිස්ස,බිමල් රත්නායක ඇතුළු පිරිස නටන නාඩගම් ටිකෙන් ඒක පේනවා ආණ්ඩුව all out වෙන්න කිට්ටුයි.නන්දන වගේ අහිංසක මිනිහෙක් මරා දැමීමේ සාපය ඒ මොහොතේ පටන් පල දෙනවා.
දැන් ඔය ගොඩක් අයට නන්දන හීනෙන් පෙනිලා බය වෙනවත් ඇති.මෙයාලට මොකුත් බෑ කියලා දැන් අපට වඩා හොඳට දන්නේ එයාලා.කරන කරන හැමදේම ඇණ ගන්නවා.ඉස්සර 159 දෙනා අනිනකොට අනුර ඇවිත් කටින් ගොඩදානවා.දැන් ඒ කාලය ඉවරයි.දැන් හොඳම එකෙන් අණින්නේ අනුර.අනුර ඇණගන්න ඒවා ගොඩදාන්න පුළුවන් වැඩිඩෙක් මාලිමාවේ නෙවෙයි ලොවෙත් නෑ.අනුර ළඟදී උතුරට ගිහින් උතුරයි,දකුණයි දෙකම නැති කරගෙන ආවා.
අනුර කිව්වා නාගදීපේ සිල්ගන්න යන අය,තිස්ස විහාරයට සිල්ගන්න යන අය යන්නේ සිල් ගන්න නෙවෙයි ජාතිවාදය අවුස්සන්න කියලා,වෛරය වපුරන්න කියලා.අනුර ජනාධිපති නෙවෙයි කවුරු උනත් කියන්න ඕනි ඒක පට්ට ගොන් කතාවක්. අනුරට ඒ කතාව නොකියා ඉන්න තිබුණා.ඒ කතාව නොකිව්වා කියලා විශේෂ දෙයක් හම්බවෙන්නෙත් නෑ,විශේෂ දෙයක් නැති වෙන්නෙත් නෑ.හැබැයි අනුර ඒ වගේ මොට්ට කතාවක් කිව්ව ගමන් අනුරලාට තිබුන චෝදනා සියල්ල යලි තහවුරු වෙනවා.
මේ ආණ්ඩුවට තිබුන නිරාගමික භෞතිකවාදී චෝදනාව අනුර ආයෙත් තහවුරු කළා.මාලිමා ආණ්ඩුව සිංහල බෞද්ධ සංස්කෘතියේ හතුරා කියන එක අනුරගේ කතාවෙන් ඔප්පු වුනා.ඒ වගේම ජවිපෙ බුද්ධාගම ඉලක්ක කරලා පහර දෙන බවත් අනුර ඔප්පු කළා.අනුර ඒ කතාව කියලා අනිත් අතට ලාලා ඒක ස්ථිර කළා.ලාල් රාජ්‍ය බලය ගන්න හැටි ලෙනින් අනුසාරයෙන් විග්‍රහ කළා.ලාල් කියන්නේ කළු කෝට් එකටයි,චීවරයටයි,ජාතික ඇඳුමටයි ගහනවා කියලා.
චීවරයට ගහනවා කියපු තැනදී ලාල් කිව්වේ මේ කියන්නේ කාටද කියලා ඔයාලා දන්නවා ඇති කියලයි.ලාල් මේ පැහැදිලිව අභියෝග කළේ රටේ නීතියට,බුද්ධ ශාසනයට සහ බහුතර සිංහල ජාතිකත්වයට.සාමාන්‍යයෙන් ඔහොම අභියෝගයක් මේ දක්වා බුද්ධ චීවරයට කවුරුත් කරලා නෑ.මීට කලින් බෞද්ධයන්ට උතුරට එන්න එපා කිව්වේ ප්‍රභාකරන්.දැන් අනුරත් බෞද්ධයන්ට උතුරට එන්න එපා කියනවා.
අනුර එහෙම දේශපාලන නරුමයෙක් උනාට අපේ රටේ සිංහල බෞද්ධ ජනතාව කතරගම වැඳපුදා ගන්න එන උතුරේ දමිල ජනතාවට කීයටවත් එන්න එපා කියන්නේ නෑ.සිරිපාදය වැඳපුදා ගන්න එන මුස්ලිම් ජනතාවට කවදාවත් එන්න එපා කියන්නේ නෑ.මොකද ඇදහීමට ඇති අයිතිය බහුතර සිංහල බෞද්ධ ජනතාව පිලිගන්නවා.ඒ වගේම තමයි උතුරේ බහුතර දෙමල ජනතාවත් ඔය අනුරලා ඉන්න පිස්සු මතයේ නෑ.අපි සියලු දෙනා එකට ඉන්න ඕනි කියන මතය උතුරේ සහ දකුණේ මතුවෙද්දී තමයි අනුර ගිහින් උතූරේ ජාතිවාදය වැපිරුවේ.බෙදුම්වාදය වැපිරුවේ.
තවමත් අපේ රටේ ජනතාවට තේරෙන්නෙ නැත්තං අනුර කියන්නේ බෙදුම්වාදියෙක්,කොටි ඩයස්‌පෝරාවේ රූකඩයක් කියලා රටට දෙයියන්ගේම පිහිටයි.ලාල් කාන්ත කියන්නේ ගහනවා,චීවරය ගලවලා තියලා එන්න කියලයි.එහෙම නැත්තං චීවරය කියලා බලන්නේ නෑ ගහනවා කියලා.අපේ රටේ භික්ෂුන් වහන්සේලා චීවරය ගලවලා ආවේ රට බේරගන්න.ඒ බව අපේ ඉතිහාසයයේ සදහන් වෙනවා වගේම ත්‍රස්තවාදයෙන් රට බේරගැනීමේ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවවේදී භික්ෂුව සිවුර ගලවලා යුද්දෙටත් ගියා.
ගියා විතරක් නෙවෙයි ගිහින් රටත් බේරගත්තා.එහෙම පැවතගෙනන භික්ෂු පරම්පරාවකට මේ වගේ අපහාස කරද්දී මුනිවත රකිනවා නම්,අපේ රටේ මහ සංස්කෘතියට ඕනිම හතුරුකමක් කරලා අනුරට අටපිරිකරක් උස්සගෙන මල්වතු, අස්ගිරි පන්සල්වලට දුවලා ආශීර්වාදත් අරගෙන ඇවිත් ආය ආය ඒ වැඩේම කරන්න පුළුවන් නම් ඒකත් ප්‍රශ්නයක්.ඇත්තටම හතුරාට උනත් ආශීර්වාද කරලා පිරිත් නූලක් බදින එක බුද්ධාගමේ විදිහක්.හැබැයි බුදු හාමුදුරුවෝ ආලවකයාට බණ කියන්නේ ඌ දමනය කළාට පස්සේ.
දැන් අපේ පන්සල්වල ආලවකලා ඇවිත් කියන වැදි බණ අහ ඉන්න තැනටත් බුද්ධ පුත්‍රයෝ පත්වෙලා.සමරිසි කාන්තාවෝ පන්සලට ඇවිත් බොරු කියනකොට සාදුකාර දෙන ගානට අපේ සමහර පන්සලවල හාමුදුරුවරු පත්වෙලා.තවදුරටත් එහෙම නං වෙන්නේ රටේ රාළටත් හිතෙනවා ලාල් කියන විදිහට සිවුර ගලවන එක තමයි හොඳ කියලා.තව ටික දවසකින් ලාලා කියයි " ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා " කියන ගෞරව නාමයත් අයින් කරලා වෙන NGO කෑල්ලක් දාගන්න කියලා.ඊළඟට ඔබ වහන්සේලා ඔහොම ඉවසන්නේ ලබන ආත්මේ නිවන් පුර වඩින්න බාලාගෙන නම් රටේ රාළ මේ කියපු සියලු වචන ඉල්ලා අස්කර ගන්නවා.
ඒක ඔබ වහන්සේලාගේ හෘද සාක්ෂියට බාර ප්‍රශ්නයක්.හැබැයි එහෙම නෙවෙයි නං,අඩුම ගානේ තවත් අවුරුදු සිය ගානක් බුදු දහමේ,පන්සලේ,භික්ෂුන් වහන්සේලාගේ,බෞද්ධ සංස්කෘතියේ රැකවරණය මේ සමාජයට ඕනි කියලා ඔබ වහන්සේලා පිලිගන්නවා නම් මේ තක්කඩින්ට එරෙහිව ඉදිරියට එන්න.රටේ රාළ යෝජනා කරන්නේ අපේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය වහාම ජනාධිපති ඇතුළු මේ නිරාගමික බෙදුම්වාදීන්ට ජාතියෙන් සමාව අරගෙන එනකං පන්සල භූමිය තහනම් ප්‍රදේශයක් කරන්න ඕනි කියලයි.රාජ්‍ය උත්සවවලට සහභාගීවිම වර්ජනය කරන්න කියලයි.
ඒ විතරක් නෙවෙයි ඉක්මන් මේ තක්කඩින් පන්නා දාන්න ජනතාවත් එක්ක සංඝරත්නය පාරට වඩින්න ඕනි කියලයි.මේ වෙලාවේ බුද්ධ පුත්‍රයින් මේ රට ආරක්ෂා කරන්න පෙරට වඩින්නේ නැත්තං ඇත්තටම ලාලා කියන්න විදිහට හොඳම වැඩේ ඔය සිවුර ගලවලා දාන්න එකයි අපේ හාමුදුරුවනේ.මොකද එහෙම නොකර තවදුරටත් සිවුර දරාගෙන ඔහොම ඉන්න එක කුඩාපොල හිමියන්,මිගට්ටුවත්තේ ගුණානන්ද හිමියන්,වැලිවිට ශ්‍රී සරණංකර හිමියන් ....වගේ මහා යතිවර පරපුරට කරන අපහාසයක්.