කිසිවකුට නොකියා ජනපති පොළොන්නරු යයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කැබිනට් සංශෝධනය තවත් කල් යයි..? (සුමුදු පෙරේරා) කැබිනට් මණ්ඩල සංශෝධනයට අදාළ සාකච්ඡා ඇතුළු ඉදිරි දේශපාලන වැඩ කටයුතු සියල්ල පසෙක තබා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ වන විට පොළොන්නරු බලා ගොස් තිබේ.…
කැබිනට් සංශෝධනය තවත් කල් යයි..?
(සුමුදු පෙරේරා)
කැබිනට් මණ්ඩල සංශෝධනයට අදාළ සාකච්ඡා ඇතුළු ඉදිරි දේශපාලන වැඩ කටයුතු සියල්ල පසෙක තබා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ වන විට පොළොන්නරු බලා ගොස් තිබේ.
ජනාධිපතිවරයා අදත් (17) හෙටත් (18) පොළොන්නරුවේ රැදී සිටිනු ඇති අතර මේ හේතුවෙන් කැබිනට් මණ්ඩල සංශෝධන සාකච්ඡා ඇතුළු සියලු දේශපාලන වැඩ කටයුතු අතර මග නතර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ තත්ත්වය යටතේ මීට පෙර සැලසුම් කර තිබූ පරිදි අඟහරුවාදා (20) වන විටවත් කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු කර රජය ස්ථාවර කර ගැනීමට නොහැකි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1