කිසිම රටක හිටපු නායකයන් හා මන්ත්‍රීලා ජනතා මුදලින් බලාගන්නේ නැතැයි මාළිමාව කියන මහා බොරුව..?

ඇමෙරිකා හිටපු ජනපතිගේ විශ්‍රාම වැටුප වසරකට රු ලක්ෂ 700 කි. සෙසු රටවලත් විශාල රැකවරණ..! රට වෙනුවෙන් ජීවිත කැපකලවුන්ට අස්වැසුම යෝජනා කිරීමේ පහත් මානසිකත්වය..! (අශෝක ජයතුංග) රටක නායකයා තීන්දු ගන්නේ තමා…
ඇමෙරිකා හිටපු ජනපතිගේ විශ්‍රාම වැටුප වසරකට රු ලක්ෂ 700 කි. සෙසු රටවලත් විශාල රැකවරණ..!
රට වෙනුවෙන් ජීවිත කැපකලවුන්ට අස්වැසුම යෝජනා කිරීමේ පහත් මානසිකත්වය..!
(අශෝක ජයතුංග)
රටක නායකයා තීන්දු ගන්නේ තමා වෙනුවෙන් නොව රටේ ආරක්ෂාව දියුණුව හා ආර්ථික සමෘද්ධිය වෙනුවෙනි.නිදසුනක් ලෙස ඔබාමා විසින් බින් ලාඩන් ඝාතනය කළේ ඇමෙරිකාවට ඔහු එල්ල කල දැවැන්ත ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර හා ත්‍රස්තවාදයට එරෙහිව ලෝක සාමය වෙනුවෙනි. ඔහු ලෝක ත්‍රස්ත ඉලක්කයක් වුයේ ඒ තුළය.
71 දී හා 88 දී කෙටි පාරෙන් බලය ගන්නට ජවිපෙ අති අමානුෂිකව ආරක්ෂක අංශ හා මිනිසුන් මරමින් රටේ දේපොළ වනසමින් ගෙන ගිය ත්‍රස්ත ක්‍රියාවන්ට සිරිමාවෝ හා ප්‍රේමදාස ප්‍රතිප්‍රහාරදී රටත් ජනතාවත් ප්‍රජාතන්ත්‍රවාදයත් බේරාගක්හ. අනතුරුව ඔවුහු එම පක්ෂ වල සතුරන් හා දෝහීන් බවට පත්වූහ.
කොටි ත්‍රස්තයන්ට එරෙහිව ජේ ආර් ප්‍රේමදාස චන්ද්‍රිකා විජේතුංග ද සටන් කල අතර යම් ප්‍රදේශ බේරාගැනීමට ද ඔවුහු සමත් වූහ. තවද ගෝටාභය හා ෆොන්සේකා ගේ ද සහායෙන් කොටි සමූල ඝාතනය කොට රට ත්‍රස්තයන්ගෙන් නිදහස් කරගත්තේ මහින්ද රාජපක්ෂය.ඒ තුළ මහින්ද ඇතුළු හිටපු නායකයන්ට රාජ්‍යයේ මුදලින් විශාල ආරක්ෂාවක් හා පහසුකම් ලබාදීමට රටක් ලෙස ගත් තීන්දු වලට කිසිවෙකු විරෝධය පෑවේ නැත.
දැන්වීම
විරුද්ධවූ එකම පිරිස හැම දේකටම විරුද්ධ වූ ජවිපෙ පමණි. තවද එය දේශපාලන සටන් පාඨයක් ලෙස පාවිච්චි කරමින් ජනතාව තුළ වෛරී හැගීම් ඇති කිරීමට ද ඔවුහු ක්‍රියා කළහ. බලය ලැබුණ පසු ඔවුන් මහින්ද චන්ද්‍රිකා ගෝටාභය මෛත්‍රී හා රනිල් ගේ ව්‍යවස්ථාවෙන් හිමි එම ප්‍රතිපාදන අහිමි කිරීමට උත්සාහ කරමින් සිටිති. එය ඔවුන්ටම පාරාවළල්ලක් වෙන විදිය ගැන ජවිපෙට අවබෝදයක් නැත.
හිටපු නායකයන්ට අස්වැසුම දෙන්නට ඇමති වසන්ත කතා කිරීම පහත් හා හිරිකිත බව ඔලුවක් තිබෙන කාගේත් අදහසය. වෙන කිසිම රටක හිටපු අය ජනතා මුදලින් බලාගන්නේ නැතැයි ජවිපෙට සුපුරුදු ටොන් පචයක් ද ඔහු අත හරී.
එහෙත් ලෝකය නොදත් එම ඇමතිවරු හා ඩෝබිලා දැනගත යුතු කරුණු රැසකි. නිදසුනකට ඇමෙරිකාවේ හිටපු ජනපතිලාට අදාළ 1958 පනත අනුව ඔවුන්ට නිවාස වාහන වසරකට ඩොලර් දෙලක්ෂ හතලිස් දහසක් එනම් රු ලක්ෂ 700 ක්, කාර්යාල හා සේවකයන් බුද්ධි අංශ හා සෙසු ආරක්ෂාව ඇතුළු ආවරණ රැසකි. හිටපු සෙනෙට් හා කොංග්‍රස් මන්ත්‍රීලාට ඩොලර් 70,000 ක් හා පහසුකම් රැසකි. සෙසු බොහෝ රටවල තත්වය ද එසේය.
එවැනි දේ නොදෙන රටවල් ද පවතී. ඒවා යුද තබා සුළුගැටුම් හෝ නොපවතින ඉතා සාමකාමී දියුණු රටවල්ය. එම රටවල නායකයන් නායකකම දරන කාලයේ පවා බස් රථ වල පාපැදි වල යන්නේ ඒ තුළය.
තවද එම රටවල ජීවන තත්ත්වය ඉතා ඉහළය. මැති ඇමති පඩිය ද දැවැන්තය. සිංගප්පූරු මන්ත්‍රීවරයෙකුගේ පඩිය ලංකා මුදලින් රු කෝටි 06 ක් පමණ වේ. ලංකාවේ වංගු ගැසූ බලු දේශපාලලා සිටිති. එහෙත් ඇතැම් හිටපු මන්ත්‍රීලා 500 අතර බෙහෙත් පෙති ටික ගැනීමටවත් නොහැකි අය එමටය. විශ්‍රාම වැටුප අහෝසි කළොත් මරාගෙන මැරෙන බව සංකේතාක්මකව නන්දන ගුණතිලක කීවේ එයය.
ප්‍රේමදාස පාරේ මැරුණේ චන්ද්‍රිකා යන්තමින් ජීවිතය බේරාගෙන ඇසක් දන්දුන්නේ ගෝටාභය ලේ හලාගෙන ජීවිතය බේරාගත්තේ රට වෙනුවෙනි. රනිල් තම නිවස පාසැලට දුන්නේ ද රට වෙනුවෙනි. එහෙත් රට දෙවරක් වනසා වසර 20 කින් පමණ රට රිවස් ගෙනයාම හැර ජවිපෙ යමෙකු රට වෙනුවෙන් කල එවැනි කැපවීමක් ගැන නොදනිමු. දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීම එකකි.රට වෙනුවෙන් කැපවූ නායකයන් බිළිදීම දේශද්‍රෝහී වැඩකි. සියලු දෙනා හොරුය, අප පමණක් බෝ පැළ යයි ඉතා පටු ලෙස සිතන අයට මේ යථාර්ථය තේරෙන්නේ නැත.