අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කිසිම ගෝඨාණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර නැහැ

කිසිම ගෝඨාණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර නැහැ

ගෝඨා එක්ක ආණ්ඩු අටවා ගන්න සජබය සූදානම් නැහැ රට බංකොලොත් කළේ ගෝඨා (එරන්දි අනුරාධා සුභසිංහ) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අටවා ගන්නා කිසිම ආණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර, සහයෝගය සහ පිළි ගැනීම ලැබෙන්නේ…

ගෝඨා එක්ක ආණ්ඩු අටවා ගන්න සජබය සූදානම් නැහැ 

රට බංකොලොත් කළේ ගෝඨා 

(එරන්දි අනුරාධා සුභසිංහ)

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අටවා ගන්නා කිසිම ආණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර, සහයෝගය සහ පිළි ගැනීම ලැබෙන්නේ නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ආණ්ඩු පිහිටුවීමට සමගි ජන බලවේගය කිසිසේත් ක්‍රියා නොකරන අතර ඔහු නොමැති  සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීමට සුදානම් බව පෙන්වා දෙන ලක්ෂමන් කිරිඇල්ල මහතා රට බංකොලොත් වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වග කිව යුතු යැයි ද අවධාරණය කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේතු විවාදයට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය. 

දැන්වීම

ගරු කතා නායකතුමනි.., පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අත්වූ ඉරණම පිළිබඳව මා කම්පා වෙනවා.අපි පාර්ලිමේන්තුවේ වාද විවාද කළාට අපි කවුරුත් හතුරෝ නොවේ.සමහර අයගේ පරම්පරාවෙන් ලැබුණ දේපොළ පවා විනාශ වෙලා තිබුණා. රුපියල් සතවලින් එම හානිය මනින්න බැ. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාගේ නිවස...මොකද එතුමා පාර්ලිමේන්තුවට එන්න කලිනුයි ඒ නිවස හැදුවේ. මේවා ඇත්ත වශයෙන්ම මංකොල්ල කාරයන්ගේ වැඩ. එම නිසා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. 

වත්මන් ආණ්ඩුව පටන් ගත්ත දවසේ සිට නීතිය ක්‍රියාත්මක කරන්න මුල්තැන දුන්නේ නැ. 20වැනි සංශෝධනය ගෙනාව.19 වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවට, කතා නායකතුමාට තිබ්බ බලතල ජනාධිපතිවරයාට දුන්නා. ඒ බලතල හරියට පාවිච්චි නොකළ නිසයි මේ හැම ප්‍රශ්නයක්ම ඇති වුණේ. "Gota-Go-Home" විරෝධතාවය ඇති වුණේ ඒ නිසයි.ජනතාව "Gota-Go-Home" කිව්වට අවසානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි ගෙදර ගියේ .ප්‍රශ්නයට විසදුමක් ලැබුණේ නැ.

එදා සිදු විමට පළමු වැනි වෙඩි මුරය තිබ්බේ අරලිය ගහ මන්දිරයෙන්. ඉතාමත් සාමකාමි අරගලයක් ගෝල්ෆේස් පිටියේ තිබ්බේ. මාසයක් තිබ්බා. කිසිම කෙනෙකුට ගල් කැටයක්වත් ගැහුවේ නැ. ජාත්‍යන්තර මාධ්‍ය පවා මේ අරගලය ආවරණය කළා.

අපේ රටේ ව්‍යවස්ථාව අනුව සාමකාමිව විරෝධතා පවත්වන්න පුළුවන්. නමුත් එදා අරලිය ගහ මන්දිරයට අපු පිරිසෙන් කොටසක් නිසයි මේ ප්‍රශ්නය ඇති වුණේ. සමහර මන්ත්‍රීවරු මේ අයව උනන්දු කෙරුවා. පොලු බෙදුවා.මේ විදියට අවනීතිය ක්‍රියාත්මක වෙනවා නම් අපේ රට තව තවත් අපකීර්තියට පත් වෙනවා. අපේ රට බංකොලොත්. මේ රටේ ආණ්ඩු කියක් තිබුණ ද..? නමුත් කිසිම ආණ්ඩුවක් රට බංකොලොත් කළේ නැ. අපිටත් මේ තත්ත්වය ලැජ්ජාවක්. මොකද අපි හිටපු පාර්ලිමේන්තුව. දෙපැත්තටම විශාල ලැජ්ජාවක්. 

මේ බංකොලොත් විමට කවුද වග කිව යුත්තේ..? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ තත්ත්වයට වග කියන්න ඕනේ.එතුමා ගත්තු වැරදි තීරණ ,පොහොර සහනාධාරය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නියමිත වෙලාවට නොයාම, 20වැනි සංශෝධනය. ඔබතුමා 20 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවේ ස්ථාවර නියෝග අත්හිටෙව්වා. මේ ආපදාවට ඔබතුමත් කොටස් කරුවෙක්. ඇත්ත වශයෙන්ම අලි සබ්‍රි වැනි උගත් කෙනෙක් ලජ්ජා නැතිව මෙවැනි සංශෝධනයක් ගෙනාපු එක ගැන මම ලජ්ජා වෙනවා.

පොලිසිය, හමුදාව, අධිකරණය, රාජ්‍ය පරිපාලනය ආදී මේ සියල්ල ජනධිපතිතුමා යටතට පත් කළා. අද පාර්ලිමේන්තුවට සත පහක බලයක් නැ. අධිකරණයට, පොලිසියට ඕන විදියට නිතිය ක්‍රියාත්මක කරන්න බැ. වර්තමාන අග්‍රවිනිශ්‍යකාරතුමා නීතිපති කාලයේ පවරපු නඩු 35ක් නිදොස් කොට නිදහස්. මේවා හොදට හොයලා බලලා පරික්ෂා කරලා දාපු නඩු. එහෙම බොරු නඩු පවරන්නේ නැ. නීතිය විහිළුවක් වුණා. මොකක්ද කරන්නේ..හරියට මේ නඩු වෙහෙය වන්නේ නැ. දුර්වල සාක්කි මෙහෙය වනවා.වත්මන් ආණ්ඩුව දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පච වෙලා ඉන්නේ. එහෙම පච වෙලත් තාම එල්ලි ගෙන ඉන්නවා. 

දැන් ආණ්ඩුවක් හැදුව. නමුත් IMF කිව්වේ ඒ අය උදව් කරන්නේ නව ආණ්ඩුවකට කියලා. මේ හදලා තියෙන්නේ අලුත් ආණ්ඩුවක්ද..? පරණ වයින් අලුත් බෝතල්වල. තවම කැබිනට් එක පත් කර ගන්න බැරි වුණා. මම එකක් කියන්නම් ගෝඨාභය රාජපක්ෂ යටතේ හදන කිසිම ආණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ නැ. IMF ණය ලැබුණත් ලැබෙන්නේ ඉතාමත් සුළු මුදලක්. ජනතා මතය ඉස්මතු වන අලුත් ආණ්ඩුවක් තියෙන්න ඕනේ .එතකොට තමයි ජන මතය හරහා නව ආණ්ඩුවක් පත් වුණාම ජනතාවත් ආණ්ඩුවට කාලයක් ලබා දෙනවා. ජාත්‍යන්තරයත් කල් දෙනවා. එවැනි ආණ්ඩුවකට මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන්.

මම ඔබතුමාගෙන් අහනවා.., මේ රට බංකොලොත් කරපු ආණ්ඩුවකට මොකක්ද දෙන දඩුවම..? පොතේ තිබ්බට ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්නත් බැ. මොකද ඒක කරන්න බැරි වැඩක්. මොකද ඒක දිනන්න නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ජනාධිපතිවරයාට මොලයේ අමාරුවක් කියලා ඔප්පු කරන්න ඕනේ.

ගරු කථානායකතුමනි.., දෝෂාභියෝගයක් ගෙන්න පරක්කු නිසා අපි ජනාධිපතිවරයාට විරුද්ධව අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් ගෙනාවා. නමුත් ඔබතුමා ඉඩ දුන්නේ නැ. සංවාදය නැවැත්තුවා. විවාදයට ඉඩ දුන්නා නම් රටේ ප්‍රශ්න කතා කරන්න තිබුණා. පාර්ලිමේන්තුවක් වශයෙන් ඔබතුමා දැන්වත් මැදිහත් වෙන්න .අපේ රටට කුරිරු අනාගතයක් පේන්න තියෙන්නේ. ඉදිරි මාස දෙක තුන ඇතුළත ඉන්ධන, අහාර සදහා මුදල් නැ. 

දේශප්‍රේමි ආණ්ඩුව, විරෝධාර ආණ්ඩුව දැන් හිගමනේ යනවා.අපේ ආණ්ඩුව කාලයේ ජනතාව තුන් වේල කාලා සතුටින් හිටියා. අගමැතිතුමා කිව්වා හිස් ඉඩම්වල වගා කරන්න ඕනේ කියලා. මම එතුමාට කියනවා උඩරට පළාත්වල රාජ්‍ය සමාගම් සතුව වතු ඉඩම් විශාල වශයෙන් තියනවා. ඒවා ප්‍රයෝජනයට ගන්න කියලා. මම විශේෂයෙන්ම කියනවා රට බංකොලොත් කරපු ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන්න ගෙනාපු විවාදයට ඔබතුමා ඉඩ ලබා දුන්නේ නැ . තාම දේශපාලනය කරන්නේ ඔබතුමා. නැවතත් කියනවා ගෝඨාභය රාජපක්ෂ යටතේ අටවා ගෙන හදන ආණ්ඩු ජාත්‍යන්තරය පිළි ගන්නේ නැ .රට බංකොලොත් කරලත් මේ ඇත්ත පිළිගන්නේ නැනේ .අපි සියලු දෙනා එකතු වෙන්න ඕනේ. ආණ්ඩුවක් හදන්න ඕනේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ආණ්ඩු හදන්න අපි සුදානම් නැ. එහෙම හදලා වැඩකුත් නැ .ගෝඨාභය රාජපක්ෂ මහතා නැති සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි සුදානම්. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්න කිසිම ආණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ නැ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
කිසිම ගෝඨාණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර නැහැ | Lanka Newsweek