කිසිදු බල දේශපාලන ව්‍යාපෘතියකට මොනම හෝ ආකාරයක දායක වීමක් සිදු නොකරන බව කරු ජයසූරිය මහතා අවධාරණය කරයි

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට නායකත්වය ලබාදෙමින් ශ්‍රී ලාංකේය ජන සමාජයේ උන්නතිය උදෙසා සිදුකරමින් සිටින කැපවීම හැරෙන්නට තමන් මොනම ආකාරයකට හෝ බල දේශපාලන ව්‍යාපෘතියකට දායකත්වක් ලබා නොදෙන බව…
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට නායකත්වය ලබාදෙමින් ශ්‍රී ලාංකේය ජන සමාජයේ උන්නතිය උදෙසා සිදුකරමින් සිටින කැපවීම හැරෙන්නට තමන් මොනම ආකාරයකට හෝ බල දේශපාලන ව්‍යාපෘතියකට දායකත්වක් ලබා නොදෙන බව ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා අප වෙත දැනුම් දීමක් කර තිබේ.
කරු ජයසූරිය මහතා විසින් මෙම අවධාරණය කරන ලද්දේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ කරනු පිණිස කරු ජයසූරිය මහතා මැදිහත් කර ගැනීමට එක්තරා මන්ත්‍රීවරුන් පිරිසකගේ ඇති සූදානමක් පිළිබඳව පළ වී ඇති මාධ්‍ය වාර්තාවක් පිළිබඳව අප සංවිධානය වෙත දැනුම් දීමක් සිදුකරමිනි.
එහිදී කරු ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ තමා බල දේශපාලන කඳවුරක කුමන ආකාරයක කොටස්කරුවෙකු හෝ අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් නොවුන ද රටට ආදරයක් හා රට කෙරෙහි ගෞරවයක් ඇති පුරවැසියෙකු ලෙස පොදු සමාජ යහපත උදෙසා වන තම උපරිම කැපවීම ඉදිරි ජීවිත කලය පුරාම සිදුකිරීම තම අධිෂ්ඨානය වන බවය.