කිලෝමීටර බිලියන 6 ක් දුර සිට පෘථිවිය දෙස බැලුවොත්..?

ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනව කියල මම හිතනවා.. මෙය ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්.. ඒ 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබූවක්.. කිලෝමීටර බිලියන 6 ක් දුර සිට පෘථිවිය දෙස බලන…

ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනව කියල මම හිතනවා.. මෙය ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්.. ඒ 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබූවක්.. කිලෝමීටර බිලියන 6 ක් දුර සිට පෘථිවිය දෙස බලන කෙනෙක්ට පෘථිවිය පේන විදිහ මේ ඡායාරුපයෙන් පෙන්නුම් කරනවා.. සෞරග්‍රහ මණ්ඩලය තුල ඉතාමත්ම පුංචි නිල්පාට තිතක් විදිහට දිස්වන ඒ ඡායාරුපය ප්‍රසිද්ධ වෙන්නෙ Pale Blue Dot කියන නමෙන්..
මේ ඡායාරූපයට වශී වුන කාල් සේගන් නම් විද්‍යාඥයා ලියපු වචන කිහිපයක් මේ..
දැන්වීම
"අර පෙනෙන කුඩාම කුඩාම තිත දෙස බලන්න.. ඒ තමයි අපි.. ඒ තමයි මෙතන.. අපේ ගෙදර.. ඒ තිත ඇතුලේ තමා ඔබ දන්නා සියලුම දෙනා ඉන්නේ.. ඔබ ආදරය කරන සියලු දෙනා.. ඔබ දන්නා නොදන්නා සියලු දෙනා ජීවත් වෙන්නේ සහ ජීවත් වුනේ ඒ තිත ඇතුලේ.. අපි සතුටු වෙන්නෙත්, වේදනා විඳින්නෙත් ඒක ඇතුලේ ඉඳන්.. දහස් ගණන් ආගම්, දර්ශන, ආර්ථික ක්‍රම තියෙන්නේ ඒක ඇතුලේ යි..
දඩයක්කරුවත් - මංකොල්ලකරුවත් දෙන්නම ඉන්නේ ඒකෙ.. විරයත් - බයගුල්ලන් ඉන්නෙත් ඒකෙ.. ශිෂ්ටාචාරය හදන්නෙත් ඒකෙ - විනාශ කරන්නෙත් ඒකෙ.. රජවරු, වහල්ලු, මව් වරු, පියවරු, ගුරුවරු, සංචාරකයෝ, ප්‍රේමයෙන් වෙලුණු තරුණ ජෝඩු, බලාපොරොත්තු පිරුණු දරු පැටවු, දුෂිත දේශපාලකයෝ, සුපර් ස්ටාර්ලා, එකාධිපතියෝ, ශාන්තුවරු, පවුකාරයෝ ඔක්කොම ඉන්නේ අර පේන පුංචිම පුංචි තිත ඇතුලේ..
අපේ පෘථිවිය කියන්නේ විශ්වය ඇතුලේ බොහොම පුංචි තිතක්.. නමුත් හිතන්න මේ මොහොතේත් ඒ තිත ඇතුලේ එක කොනක පදිංචි පිරිසක්ව තවත් කොනක පදිංචි පිරිසක් විසින් ආක්‍රමණය කරමින් ඉන්නවා.. මේ පුංචි තිත ඇතුලේ ඒ මායිම් ලකුණු කරන්නවත් බැරි වුනාට ඒ දෙගොල්ලන්ගේ සිත් ඇතුලේ තියන තරහව, ක්‍රෝධය කොච්චර විශාල ඇත්ද? උන් උන්ව මරාගන්න උන්ට කොච්චර වුවමනාවක් තියනවා ඇත්ද? ඒ වෙනුවෙන් කොච්චර ලේ හැලෙනවා ඇත්ද? ඒ අර ඇහැට යාන්තන් පේන තිත බෙදා ගන්න බැරුව?
ඉතිං මිත්‍රවරුනි අන්තිමට මම කියන්න උත්සාහ කරේ මේකයි, ඒ තමයි ඔබ මම අපි හිතන තරම් අපි විශාල වත් දියුණු වත් නැහැ.. මේ තිත ඇතුලෙ ඉන්න ඔබෙන් මම එක දෙයක් විතරක් ඉල්ලන්නම්.. ඔබට යන්නට පුළුවන් තරම් ඉහලට යන්න.. ඒත් ඒ වෙනුවෙන් තව කෙනෙක් පහලට ඇද දමන්න තරම් මෝඩයෙක් වෙන්නට එපා.. මොකද අපි හැමෝටම වඩා ඉහලින් අපි නොදන්න තවත් බොහෝ දේවල් තියෙනවා.. ඒක මතක තියාගන්න.!