කිරි වෙහෙර නා හිමිට වෙඩි තැබුවේ විහාරධිපතිකම ගන්නද..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවේ..! මහ සෙන් දේවාලයේ ප්‍රධාන කපුවත් ඒ අතර..! (ජයකාන්ත ලියනගේ) කතරගම, කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන්ට වෙඩි තබා තුවාල කළ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු මේ…
සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවේ..!
මහ සෙන් දේවාලයේ ප්‍රධාන කපුවත් ඒ අතර..!
(ජයකාන්ත ලියනගේ)
කතරගම, කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන්ට වෙඩි තබා තුවාල කළ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කර ගෙන යන බව හම්බන්තොට, තංගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා අද (14) ප්‍රකාශ කළේය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වදුරු කළුවා නමින් හැදින් වෙන අයකු සහ කිරිවෙහෙර භූමියේ පිහිටි මහ සෙන් දේවාලයේ සේවය කළ රාළහාමි නමින් හැදින් වෙන අයෙකු බව කතරගම පොලිසිය කියයි.
කතරගම කිරිවෙහෙර පිං බිමේ ඇති මහ සෙන් දේවාලයේ හිටපු කපුවකු වන අසේල බණ්ඩාර නැමැති ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 8 ක් යොදවා තිබෙන බවද තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා ප්‍රකාශ කළේය.
මේ සදහා කතරගම පොලිසිය හා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයද වෙනමම සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.
විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුට හා සෙසු අයට උදව් උපකාර කළ එමෙන්ම දුරකථන ඇමතුම් මගින් තොරතුරු සපයා ඇති කිරිවෙහෙර කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු පිළිබදවද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.
ඒ පිළිබදව තව දුරටත් පරීක්ෂණ පවත් වන බවත් අවශ්‍ය වුවහොත් ඔවුන්ද අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා අවධාරණය කළේය.
ඓතිහාසික කිරි වෙහෙර රජ මහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අලුත් වැව සෝරත නා හිමි අපවත්වීමෙන් පසු හිස් වු විහාරාධිපති ධූරයට විහාරාධිපති හිමි නමක් පත් කිරීමේදී පාර්ශව කිහිපයක් ඒ සදහා ඉදිරිපත් වීම නිසා සුදුසුම විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන් බව මල්වතු පාර්ශවයේ මහා නා හිමිවරුන් තීරණය කිරීමෙන් පසු උන් වහන්සේ එම විහාරාධිපති ධූරයට පත් විය.
මේ හේතුව මත විහාරාධිපති ධූරයට ඉදිරිපත් වු සෙසු පර්ශවයන් කොබවක නාහිමියන් සමග වෛර බැද ගෙන කටයුතු කරමින් සිට ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස නා හිමියන් ඝාතනය කිරීමට ඔවුන් පාතාලයන් සමග කටයුතු කර ඇත්ද යන්න සහ ඔවුන්ට උදව් උපකාර ලබා දී ඇත්ද යන්න පිළිබඳව ද බුද්ධි අංශවල අවධානව යොමු වී තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණ කණ්ඩායම් පැති කිහිපයක් ඔස්සේ විශේෂ පරික්ෂණ ආරම්භ කර ඇතැයිද බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු ප්‍රකාශ කළේය.
කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩිතැබු අවස්ථාවේ ඝාතකයින් සැගවී සිටි ස්ථානය දෙස ආරක්ෂක අංශයේ අවධානය යොමුවීමෙන් ජිවිත කිහිපයක් බේරා ගැනිමට හැකි වී තිබෙන බව හම්බන්තොට, තංගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.
කතරගම ඓතිහාසික කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ අවස්ථාවේ තුවාල ලද නාහිමියන් බිම වැටී සිටින අයුරු ආරක්ෂකයින් දැක ඇත. ආරක්ෂකයින් නාහිමියන් හා අනෙක් හිමිනම පිළිබදව සොයා බලද්දී ඒ අසල සැගවී සිටි නාදුනන තුවක්කුකරවන් නැවත වෙඩි ප‍්‍රහාර එල්ල කිරිමට සුදානම් වන බවද දැක ඇත.
එය දුටු පොලිස් නිලධාරියා හා ග‍්‍රාමාරක්ෂක නිලධාරින් දෙදෙනා සැකකරුවන් පසු පස හබා නොගියේ නම් ජීවිත හානි සිදුවන්නට පවා ඉඩ තිබු බවද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ.
පසුගිය අගහරුවාදා (12) රාත‍්‍රි 10.40 ට පමණ කිරිවෙහෙර විහාරස්ථානයට ඇතුලූවන පියගැට පෙල අසලදී නාහිමියන්ට වෙඩි තැබු සැකකරුවන් ඔවුන්ගේ දෙවන ඉලක්කය සදහා ඔහුන් රැගෙන විත් තිබු බෝර 12 වර්ගයේ තුවක්කුවට දෙවන වරටත් උණ්ඩ යොදමින් සිටින අයුරුද පොලිස් නිලධාරීන් දැක ඇත.
කිරිවෙහෙර නාහිමියන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල් දිසානායක (73870) සහ ග‍්‍රාමාරක්ෂකයින් වන ඩබ් එල් සිසිර, කේ ඒ නිශාන්ත යන ආරක්ෂකයින් දිවි පරදුවට තබා ගිනි අවිද අතැතිව සිටි ඝාතකයින් දෙසට දිව ගොස් ඔවුන් අල්ලා ගැනීමට උත්සාහ දරා ඇත.
එම නිසා දෙවන වරටත් වෙඩි තැබීමට තිබු ඉඩකඩ හා ජිවිත හානි වැලැක්වීමටත් හැකි වී තිබෙන බවද හම්බන්තොට තංගල්ල දිසාව භාර නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පති විජිත ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.
කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සදහා යොදවා සිටින ග‍්‍රාමාරක්ෂක නිලධාරින් අතර කාර්යභාර නිලධාරින් කේ ඒ පුෂ්පසිරි, කේ ඒ නිශාන්ත, ඩබ් ඒ සිසිර, ඩබ් ඒ සුනිල් ශාන්ත, ඞී. පි. බුද්ධික ලක්මාල්, ඩබ් ජී ඉසුරු කුමාර, උපුල් ප‍්‍රියන්ත, චානක විදුරංග, ප‍්‍රභාත් සංජීව, ඩබ් ඒ කේ ප‍්‍රසන්න යන ග‍්‍රාමආරක්ෂක නිලධාරන් සමග කතරගම පොලිසියට අනුයුක්තව සේවයේ යෙදී පොලිස් කොස්තාපල් සිටි දිසානායක (73870) යන මහත්වරුන් ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම නිසා නාහිමියන් සහ සෙසු හිමිවරුන්ගේත් ජීවිත ගලවා ගැනීමට හැකියාව ලැබීම පිළිබදව දායකයින්ද ප‍්‍රසංසා කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3



