කිරි වෙහෙර නා හිමිගේ රෝහල් ගාස්තුවට තවම විසඳුමක් නැහැ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

කබිනට්ටුවෙදී ජනපති දැනුම්වත් කරන බව බුද්ධ ශාසන ඇමති කියයි..! ගාස්තුව රු.ලක්ෂ 30 ඉක්මවලා..! (ජයකාන්ත ලියනගේ) වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා කොළඹ, නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම,…
කබිනට්ටුවෙදී ජනපති දැනුම්වත් කරන බව බුද්ධ ශාසන ඇමති කියයි..!
ගාස්තුව රු.ලක්ෂ 30 ඉක්මවලා..!
(ජයකාන්ත ලියනගේ)
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා කොළඹ, නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම, කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තු රජයෙන් ගෙවන බව ප්‍රකාශ කලත් මෙතෙක් එය ඉටු වී නොමැති බව කිරිවෙහෙර විහාරස්ථානයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විටත් කොළඹ, නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි ආසිරි සර්ජිකල් පෞද්ගලික ආරෝග්‍ය ශාලාවේ කොබවක ධම්මින්ද හිමියන් ප්‍රතිකාර ලබයි. මේ වන විට නාහිමියන්ට ලබාදෙන ලද ඹෞෂධ වර්ගද ඇතුළුව රෝහල් ගාස්තු රුපියල් ලක්ෂ 30 කට (30,00000/-) අධික වන බවද දැනගන්නට තිබේ.
2018 ජුනි මස 12 වන දින රාත්‍රී 10.40 ට පමණ කිරි වෙහෙර නාහිමියන් ඇතුලූ තවත් හිමිවරුන් කිහිප නමක් කිරිවෙහෙර චෛත්‍යය වන්දනා කර සංඝාවසයට පැමිණෙමින් සිටියදී විහාරයේ පියගැට පෙළ අසල නුග ගසක් මුල සැගවි සිටි තුවක්කුකරුවන් එල්ල කර වෙඩි ප්රහාරයකදි විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් තුවාල ලැබීය. කිරි වෙහෙර රජමහා විහාරය ඇතුඑ පංචමහා විහාරයන්හි විහාරාධිපතිත්වය දරණ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොඹවක ධම්මින්ද නාහිමි සහ ඒ අසලින් ගමන් කරමින් සිටි කතරගම ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය කිරිවෙහෙර විහාරවාසී වීදාපොල සෝභිත හිමියන්ද මෙම වෙඩි ප්රහාරයන්ට ලක්ව බරපතල තුවාල ලබා එදිනම කතරගම රෝහලට ඇතුලත් කරනු ලැබීය.
කතරගම රෝහලට ඇතුලත් කරන ලද හිමිවරුන් දෙපල වැඩිදුර ප්‍රතිකාර සදහා තිස්සමහාරාම හා හම්බන්තොට රෝහල්වලට මාරු කර යැවීමට කතරගම රෝහල් බලධාරීන් එදිනම ක්‍රියාකර තිබුණි. හම්බන්තොට මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කිරිවෙහෙර විහාරාධිපති හිමියන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝග මත සිද්ධිය වූ දිනට පසු දින එනම් ජුනි 13 සවස 2.00 ට පමණ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් කොළඹට රැගෙන ගොස් කොළඹ, නාරාහේන්පිට පෞද්ගලික රෝහලට ඇතුලත් කරනු ලැබීය. තුවාල ලැබූ වීදාගම සෝභිත හිමියන්ද 16 දින හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹට රැගෙන විත් තිබේ. කිරිවෙහෙර නාහිමියන්ගේ සියළු රෝහල් ගාස්තු රජයෙන් ගෙවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දුන්නේ යැයිද එකල මාධ්‍ය වාර්තා කර තිබුණි.
මේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් විමසූ විට මේ පිළිබදව ඉදිරි කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
