කිරි-යෝගට්-මස් මිල දෙගුණයකින් ඉහළට

කිරි, යෝගට් සහ මස් ඇතුළු සියලු නිෂ්පාදනවල මිල දෙගුණයකින් ඉහළ දැමීමට සිදු වන බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුව පවසයි. විදුලි බිල 66%කින් ඉහළ දැමීම ඊට හේතුව බව පෙන්වා දෙන ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ…
කිරි, යෝගට් සහ මස් ඇතුළු සියලු නිෂ්පාදනවල මිල දෙගුණයකින් ඉහළ දැමීමට සිදු වන බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුව පවසයි.
විදුලි බිල 66%කින් ඉහළ දැමීම ඊට හේතුව බව පෙන්වා දෙන ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැදවුම්කරු සුජීව ධම්මික මහතා සත්ව නිෂ්පාදකයින්ට ශීතකරණ සහ අධිශීතකරණ භාවිතා කිරීමට සිදු වන බවත්, විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමග සිය නිෂ්පාදන ශීතකරණවල තබා ගැනීමට විශාල වියදමක් දැරීමට සිදු වන බවත් කියා සිටියි.
"66% කින් විදුලි ගාස්තු ඉහළය යාමත් එක්ක නිෂ්පාදකයා සිය නිෂ්පාදනය 66% කින් ඉහළ දානවා. එතකොට තොග වෙළෙන්දා ද 66%කින් සිය මිල ඉහළ දානවා. එම නිෂ්පාදනය සිල්ලර වෙළෙන්ඳා ළඟට එනකොට 98%කින් මිල ඉහළ යනවා" යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.