අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කිඹුලෙක් ගසක එල්ලා මස් කරමින් සිටි දෙදෙනෙක් පොලිස් දැලේ

කිඹුලෙක් ගසක එල්ලා මස් කරමින් සිටි දෙදෙනෙක් පොලිස් දැලේ

(ජයකාන්ත ලියනගේ) ඌරගස්මන්හන්දිය, පහළවෙල ප්‍රදේශයේ කිඹුලෙකු ගසක එල්ලා මස් කරමින් සිටියදී ඌරගස්මන්හන්දිය පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් පනස් දහස (50,000/-)…

(ජයකාන්ත ලියනගේ)

ඌරගස්මන්හන්දිය, පහළවෙල ප්‍රදේශයේ කිඹුලෙකු ගසක එල්ලා මස් කරමින් සිටියදී ඌරගස්මන්හන්දිය පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් පනස් දහස (50,000/-) බැගින් රුපියල් ලක්ෂයක (1,00000/-) දඩයක් ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා අද (26) නියම කළාය.

මෙසේ දඩ නියම කරන ලද්දේ, උළුපට්ටලේවත්ත, පහළවෙල, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ ශාන්ත (35) සහ එම ලිපිනයේම පදිංචි හේරත් මුදියන්සේලාගේ දිනේෂ් චතුරංග (37) යන දෙදෙනාටය.

ඌරගස්මන්හන්දිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක විජිත් ජයන්ත මහතාට ලැබුණ තොරතුරකට අනුව කල වැටලීමකදී සැකකරුවන් දෙදෙනා සමග කිඹුල් මස් තොගයම අත් අඩංගුවට ගෙන තිබේ. ඝාතනය කරන ලද කිඹුලා අඩි 10 ක් පමණ දිගු අයෙකු බවද ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මොවුන් දෙදෙනා ඌරගස්මන්හන්දිය, පහළවෙල කැලෑබද ප්‍රදේශයක පිහිටි වගුරු බිමක් ආශ්‍රිත ගං ඉවුරක මාළු අල්ලමින් සිටියදී කිඹුලෙකු සිටිනු දැක ඇති බවත් පසුව දෙදෙනා හා එක්ව කිඹුලා මරා මස් කර ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. කිඹුලා එම කැලෑ ප්‍රදේශයේම ගසක එල්ලා මස් කර තිබෙන බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

කිඹුලා මරන අයුරු එම ප්‍රදේශයේම තවත් අයෙකු දැක තිබෙන බවත් ඔහුද කිඹුල් මස් කොටසක් ඉල්ලා ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. නමුත් ඔහුට අවශ්‍ය කිඹුල් මස් ප්‍රමාණය ලැබී නොමැත. පසුව ඔහු විසින් පොලීසියට මේ සම්බන්ධ ඔත්තුව දෙන්නට ඇතැයි සැකකරුවන් විශ්වාස කරයි.

කිඹුලා වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත අනුව කිඹුලා සංරක්ෂිත සත්වයෙකු බවත් ඒ නිසාම කිඹුලන් ඝාතනය නීති විරෝධී බවත් ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

ඌරගස්මන්හන්දිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක විජිත් ජයන්ත මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් ධනපාල (28634) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කිඹුලෙක් ගසක එල්ලා මස් කරමින් සිටි දෙදෙනෙක් පොලිස් දැලේ | Lanka Newsweek