කැමරන් බැන්ක්‍රොෆ්ට් යලිත් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට

(නිලන්ති චන්ද්‍රසේන) පන්දුව පළුදු කීරීමේ චෝදනාවට වැරදිකරු වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්ට එරට අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. දකුණු…
(නිලන්ති චන්ද්‍රසේන)
පන්දුව පළුදු කීරීමේ චෝදනාවට වැරදිකරු වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්ට එරට අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.
දකුණු අප්‍රිකාවට එරෙහි පැවති ටෙස්ට් තරගාවලියේදී පන්දුව පළුදු කිරීමේ වරද හේතුවෙන් කැමරන් බැන්ක්‍රොෆ්ට්, හිටපු ඔස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් යන ක්‍රීඩකයින් තිදෙනා වසරක කාලයක් තරඟ තහනමකට ලක් කෙරිණ.
දැන්වීම
කෙසේ පසුගිය දා හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝනර්ට එරට අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදී නිව්සවුත් වේල්ස් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය අවසර ලබා දුන්නේ ය.
මිට අමතරව කැමරන් බැන්ක්‍රොෆ්ට් ද විලිටන් කණ්ඩායම නියෝජනය කරමින් අන්තර් සමාජ තරගාවලියට සහභාගී වීමට අනුමැතිය ලබා දී තිබේ.