කැබිනට්ටුව විශාල කරන්න ජනපති සූදානම් නැහැ

ජනපති ජන මතයට හිස නමයි මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරමු..! ජන මතයට හිස නමා යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. "ජාතික ආණ්ඩු හරහා ඇමතිකම් ගන්න…
ජනපති ජන මතයට හිස නමයි
මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරමු..!
ජන මතයට හිස නමා යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
"ජාතික ආණ්ඩු හරහා ඇමතිකම් ගන්න උත්සාහ කිරීම මේ මොහොතේ සුදුසු නැතැයි ද, ජනතාව එපා කියනවා නම් තවත් අයට ඇමතිකම් ලබා දිය නොහැකි යැයි ද, එම යථාර්ථය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු සියලු දෙනා තේරුම් ගත යුතු යැයි ද, මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් වෙලා වැඩ කළාම ඇමතිකම්වලට කෙල හලන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහ අනෙකුත් අයට අවශ්‍යතාවයක් නැතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සමීපතමයින් සමග අවධාරණය කර ඇත.
ජනාධිපතිවරයාගේ මෙම ස්ථාවරය අනුව යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බව දැන ගැනීමට තිබේ.
දැන්වීම
ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු වන බවට දින වකවානුද සහිතව පසුගිය කාලය පුරා විවිධ ආරංචිපැතිර ගිය අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ද ඒ පිළිබඳව දැඩි ලෙස බලාපොරොත්තු ඇතිව සිටියහ.
මේ අතර ඇමති ධුර ලබා දිය යුතු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ද එම පක්ෂයේ නායකයන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස ගණනාවකට පෙර යවනු ලැබ තිබිණ.