අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කැනඩාවේ ටොරොන්ටෝහි මියගිය පදිකයින් අතර ශ්‍රී ලාංකික කාන්තාවක්

කැනඩාවේ ටොරොන්ටෝහි මියගිය පදිකයින් අතර ශ්‍රී ලාංකික කාන්තාවක්

(නිලන්ති චන්ද්‍රසේන) කැනඩාවේ ටොරොන්ටෝ නුවර පෙරේදා රාත්‍රියේ (25) පදිකයින් අතරට වෑන් රථයක් කඩා වැදීමෙන් මිය ගිය 10 දෙනා අතර ශ්‍රී ලංකික කාන්තාවක් ද සිටින බව අනාවරණය වී ඇත. අදාළ කාන්තාව හොරණ ප්‍රදේශයේ…

(නිලන්ති චන්ද්‍රසේන)

කැනඩාවේ ටොරොන්ටෝ නුවර පෙරේදා රාත්‍රියේ (25) පදිකයින් අතරට වෑන් රථයක් කඩා වැදීමෙන් මිය ගිය 10 දෙනා අතර ශ්‍රී ලංකික කාන්තාවක් ද සිටින බව අනාවරණය වී ඇත.

අදාළ කාන්තාව හොරණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිදිරි කාන්තාවක් වන අතර ඇය සිය 7 හැවිදිරි දරුවා සමග ටොරොන්ටෝ නුවර වාසය කල බව කැනඩාවේ ටොරොන්ටෝ නුවර බෞද්ධ මහා විහාරවාසී පූජ්‍ය ලුණුගම්වෙහෙර රේවත හිමියන් සඳහන් කළේය.

දැන්වීම

මේ වනවිට මියගිය කාන්තාවගේ දේහය ටොරොන්ටෝ නුවර බෞද්ධ මහා විහාරස්ථානයේ දායක සභාව විසින් භාර ගැනීමට සැලසුම් කර ඇති බවද ලුණුගම්වෙහෙර රේවත හිමියන් සඳහන් කළේය.

කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිකයින් පිරිසක් අතරට වෑන් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයින් 10 දෙනෙකුට මරු කඳවු  සිද්ධිය සම්බන්ධයෙන්  ඇලෙක් මිනැසියන් නම් 25 හැවිරිදි පුද්ගලයෙකු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු පුද්ගල ඝාතන 10ක් සම්බන්ධයෙන් සහ පුද්ගල ඝාතනයට තැත් කිරීම් 13ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙකි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කැනඩාවේ ටොරොන්ටෝහි මියගිය පදිකයින් අතර ශ්‍රී ලාංකික කාන්තාවක් | Lanka Newsweek