අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කාබනික පොහොර මාරාන්තිකයි-මෙන්න හෙළිදරව්ව..!

කාබනික පොහොර මාරාන්තිකයි-මෙන්න හෙළිදරව්ව..!

කාබනික පොහොර යනු වස විස නොවන බවට ඇති පොදු ජන විශ්වාසය සහ මතය මිත්‍යාවක්, අසත්‍යයක් සහ පදනම් විරහිත කතාවක් බව විශේෂඥ වෛද්‍ය රමිඳු ගලගමුව මහතා අවධාරණය කර සිටියි. කාබනික පොහොර මගින් ඇති කරන සෞඛ්‍යමය…

කාබනික පොහොර යනු වස විස නොවන බවට ඇති පොදු ජන විශ්වාසය සහ මතය මිත්‍යාවක්, අසත්‍යයක් සහ පදනම් විරහිත කතාවක් බව විශේෂඥ වෛද්‍ය රමිඳු ගලගමුව මහතා අවධාරණය කර සිටියි. 

කාබනික පොහොර මගින් ඇති කරන සෞඛ්‍යමය ප්‍රතිවිපාක බොහෝ විට රසායනික පොහොරවලින් ඇති කරන සෞඛ්‍ය ගැටලුවලටත් වඩා බරපතළ විය හැකි බව ද ඔහු සිය පර්යේෂණ ඇසුරින් සාක්කි සාධක සහ කරුණු සහිතව පෙන්වා දෙයි.

මේ කතාව මේ දිනවල ආරම්භ වී ඇති කාබනික පොහොර ද, රසායනික පොහොර ද යන සංවාදයේ මෙතෙක් නොඇසුණු කතාවක් වන අතර විශේෂඥ වෛද්‍ය රමිඳු ගලගමුව මහතා පෙන්වා දෙන කරුණු සලකන විට පෙනී යන්නේ කාබනිකවාදීන් විසින් රසායනික පොහොර හැඳින්වීම සඳහා යොදන "වස විස" යන යෙදුම අතිශයින්ම මිත්‍යාවක් බවය. 

▶ වීඩියෝව නරඹන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කාබනික පොහොර මාරාන්තිකයි-මෙන්න හෙළිදරව්ව..! | Lanka Newsweek