කාන්තාවන් දෙදෙනෙක් කෝටි 03ක් චංචා කරලා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අත්තිඩිය සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලදී මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකාරියන් විසින් රුපියල් තුන්කෝටි අනූ එක් ලක්ෂ තිස් එක් දහස් හයසිය අසූදෙකක මුදලක්…
අත්තිඩිය සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලදී මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකාරියන් විසින් රුපියල් තුන්කෝටි අනූ එක් ලක්ෂ තිස් එක් දහස් හයසිය අසූදෙකක මුදලක් එලෙස වංචා කොට සාවද්‍ය පරිහරණය කර ඇති බව පොලිසිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කළ පැමිණිල්ලකින් අනතුරුව මේ පිළිබඳව කළ දීර්ඝ විමර්ශනයකින් පසු එම සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරියන් 26 සහ 32 හැවිරිදි වියේ පසුවන බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
ඔවුන් අද (28) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1