කාන්තාවන් අත්අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුවේ බියගුළුකම හෙළි වුණා

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා ජන හඬට ආණ්ඩුවට මුහුණ දෙන්න බැහැ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් ආණ්ඩුව සිය බියගුළු ස්වභාවය…
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා
ජන හඬට ආණ්ඩුවට මුහුණ දෙන්න බැහැ

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් ආණ්ඩුව සිය බියගුළු ස්වභාවය මැනවින් ප්‍රදර්ශනය කර තිබෙන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
දැන්වීම
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් ද සමග රෙහාන් ජයවික්‍රම සහ තවත් දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් කොළඹ කොටුව ජනාධිපති නිල නිවස ඉදිරිපිටදී අත්අඩංගුවට ගැනීම මගින් වර්තමාන ආණ්ඩුව ලොවටම ප්‍රදර්ශනය කර ඇත්තේ ජනතාවගේ හඬට මුහුණ දී ගත නොහැකිව පළ කරමින් තිබෙන භීතියේ තරමය.
එමෙන්ම ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්නන් කෙරෙහි ආණ්ඩුව දක්වමින් සිටින වෛරයේ ප්‍රමාණය ද එමගින් මැනවින් ප්‍රදර්ශනය කර තිබේ. ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට සහ නිදහසට දක්වමින් සිටින නොකැමැත්ත සමස්ත ලෝකය හමුවේම නිරාවරණය කර තිබේ. මෙම තත්ත්වය ශිෂ්ඨසම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයෙන් අප තව දුරටත් දුරස් කර විය හැකි අතර එම තත්ත්වය අප රට අද මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අර්බුදය තව දුරටත් ත්‍රීව කිරීමට ද හේතුවක් විය හැකිය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මෙම සිදු වීම තරයේම හෙළා දකින අතර, රටේ ජනතාව මුහුණ දෙමින් සිටින දැවැන්ත පීඩනය හමුවේ තව දුරටත් නිහඬව නොසිටින බව රජය තේරුම් ගත යුතුය. විශේෂයෙන්ම අද ජනතාව මුහුණ දෙමින් සිටින දහසක් ප්‍රශ්න හමුවේ රටේ බලධාරීන් කිසිදු විසඳුමක් ඉදිරිපත් කිරීමට දක්වා ඇති අපොහොසත් භාවය හේතුවෙන් ජනතාවට ඉතිරිවී ඇත්තේ ඊට එරෙහිව හඬ නැගීම පමණකි.
එම අයිතියද රටේ පවත්නා නීතිය හෝ ආණ්ඩුවේ අවනීතිය යොදා ගනිමින් මර්දනය කිරීමට බලධාරීන් සූදානම් වන්නේ නම් එහි අවසන් ප්‍රතිඵලය මේ රටේ පාලකයන්ට සහ පොදුවේ ගත් කල රටට ද කිසිසේත්ම හිත කර වන්නේ නැත. එවැනි තත්ත්වයක් අප කිසිසේත්ම අපේක්ෂා කරන්නේ නැත.
එබැවින් අප මේ රටේ ආරක්ෂ අංශ වෙත ද, රජයේ බලධාරීන් වෙත ද කාරුණිකව දැනුම් දෙන්නේ රටේ ජනතාවගේ සැබෑ පණිවිඩයට නිවැරදිව සහ සාවධානව ඇහුම්කන් දෙන ලෙසටය. ජනතාව අතර දිනෙන් දින වර්ධනය වෙමින් පවතින පීඩනය අවතක්සේරු කරමින් මර්දනය කිරීම හරහා පිළියම් සෙවීමට යොමු වීම මඟින් රටත් ජනතාවත් තවත් අගාධයකට ඇද දැමීමෙන් වලකින ලෙසටය.