ක්රිස් ගේල් නැවත වතාවක් හයේ පහර 14ක ඉනිමක් දියත් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
(හේමන්ත තුෂිත කුමාර) ලොව අති දක්ෂතම t20 පිතිකරුවන් අතර ඉහලින්ම සිටින ක්රිස් ගේල් බංග්ලාදේශ් ප්රිමියර් ලීග් තරඟාවලියේ අද (08) අවසන් වූ තරඟයේදී පන්දු 51කින් ලකුණු 126ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ…
(හේමන්ත තුෂිත කුමාර)
ලොව අති දක්ෂතම t20 පිතිකරුවන් අතර ඉහලින්ම සිටින ක්රිස් ගේල් බංග්ලාදේශ් ප්රිමියර් ලීග් තරඟාවලියේ අද (08) අවසන් වූ තරඟයේදී පන්දු 51කින් ලකුණු 126ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිම හයේ පහර 14කින් සහ හතරේ පහර 6කින් වර්ණවත් වූ අතර පන්දුවට පහරදීමේ වේගය(strike rate ) 247.05කි.
තරඟයේ මුලින්ම පහරදුන් කුල්නා ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 6ක් දැවී ලකුණු 167යි.එහිදී කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ කඩුලු දෙකක් බිඳ දැමීමට ලසිත් මාලිංග සමත් වුවත් ඔහුගේ පන්දුවාර හතරේදී හොඳට බැට දුන් කුල්නා ක්රීඩකයින් මාලිංගට එරෙහිව ලකුණු 49 ක් රැස් කරනු ලැබීය.
ලකුණු 168ක ඉලක්කය සපුරා ගැනීමට පිටියට පැමිණි රන්ග්පූර් රයිඩර්ස් ක්රීඩකයින් ප්රතිවාදීන්ගේ පන්දුවලට එලව එලවා පහර දුන් අතර පන්දුවාර 15.2 ක් වන විට තම ඉලක්කය පසුකල අතර කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 171යි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1