ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීම සඳහා සියලු පරිණත ක්‍රීඩකයින් එකතු කළ යුතුයි

දූෂණ-වංචා සහ අක්‍රමිකතා ගැන සොයා බැලිය යුතුයි බංකොලොත් වී ඇති රටේ ආර්ථිකය ශක්තිමත් කිරිම සියල්ලන්ගේ වගකීමක් රටේ සමාගම් 15,0000ක් තිබෙනවා-බදු ලිපි ගොනු තිබෙන්නේ 20,000යි රාජ්‍ය සේවකයින් 15%-20%ක් රට…
දූෂණ-වංචා සහ අක්‍රමිකතා ගැන සොයා බැලිය යුතුයි
බංකොලොත් වී ඇති රටේ ආර්ථිකය ශක්තිමත් කිරිම සියල්ලන්ගේ වගකීමක්
රටේ සමාගම් 15,0000ක් තිබෙනවා-බදු ලිපි ගොනු තිබෙන්නේ 20,000යි
රාජ්‍ය සේවකයින් 15%-20%ක් රට නොමඟ යවලා
2024 මැතිවරණ වර්ෂයක්-මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතයි
හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතාගෙන් සැර උත්තර ටිකක්..!
රට පත්ව තිබුණු අඳුරු කාල පරිච්ඡේදයෙන් යම් මට්ටමකට ඉදිරියට පැමිණෙන අවස්ථාවක සියල්ලන්ගේ වගකීම එකට එක්ව කටයුතු කිරීම යැයි ද, ක්‍රිකට් ආයතනයේ පවතින දුෂණ-වංචා සහ අක්‍රමිකතා නැති කර පරිණත ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදෙමින් ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කිරීමට පියවර ගත යුතු යැයි ද කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.
"අද වන විට අපේ රට අඳුරු කාල පරිච්ඡේදයකින් ගමන් කරන අවස්ථාවක රටේ ආර්ථිකය කඩා වැටී තිබුණු අවස්ථාවේ ඊට යම් පුනර්ජීවයක් ලැබී තිබෙනවා...2024 මැතිවරණ වර්ෂයක්...මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතයි" යනුවෙන් ද රවී කරුණානායක මහතා පැවසීය.
කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව පැවසුවේ, කොළඹ "Grand Oriental" හෝටලයේ පැවති විශේෂ උත්සවයකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
දැන්වීම
මම හිතන්නේ අපේ රට ඉතාමත් අඳුරු කාලයක් තුළින් ගමන් කරන වෙලාවක් ආර්ථිකය කඩාගෙන වැටුනා එකට පුනර්ජීවයක් ලැබිලා තිබෙනවා. අපි කවුරුත් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවට යම් ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව තිබෙනවා ඒක යථා තත්ත්වයට පත් කරලා එහි පවතින දූෂණ අක්‍රමිකතා නැති කර පරිණත ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම සඳහා කටයුතු කිරීම හැම දෙනාගෙම ප්‍රාර්ථනාවක්. මේ සඳහා අනිසි ඇඟිලි ගැසීමක් අනවශ්‍යයි. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහජ හැකියාව ඉස්මතු වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනි.මෙතන අක්‍රමිකතා වෙලා තියෙනවා නම් එවැනි අය වහාම ඉවත් කළ යුතුයි.ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොවේ දූෂණය වංචා වෙන සියලු තැන් පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි. ක්‍රිකට් ක්‍රීඩාව තුළ වෙනස්කම් ඇතිකළ යුතුයි රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම ක්‍රිකට් ක්‍රීඩාවත් ඒ වගේම කරන්න ඕනේ ඒකට මම හිතන විදිහට වෘත්තීය පදනමක් ඇති මේ රටට කීර්ති නාමයක් ගෙනාපු ක්‍රීඩකයින් සම්බන්ධ කරගෙන ඔක්කොම එකතුවෙලා වැඩපිළිවෙළක් හදන්න ඕනේ.
ඉදිරියේදී ගෙන ඒමට නියමිත අය-වැය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු අමාත්‍යවරයා, මං හිතන විදිහට වර්තමාන ජනාධිපති වික්‍රමසිංහ මහතා අපේ රට පැවැති අඳුරු යුගයෙන් යම් තරමකට ඉදිරියට ගෙනත් තිබෙනවා ඒක ලෙහෙසි ගමනක් නෙමෙයි, නමුත් මේ අය වැයත් අමාරු දුශ්කර තාවයෙන් උඩට ගේන්න පුළුවන් නායකත්ව වැඩපිළිවෙළක් එතුමා පෙන්වයි. මේ අවස්ථාවේ අපි සියලු දෙනාම සහ මූහික හැඟීමකින් ඔහුට උදව් කළ යුතුයි. වැටිලා තිබෙන ආර්ථිකය ගොඩ නැගීමට එතුමා කටයුතු කරනවා මේ රට බංකොලොත් භාවයට පත් කළේ එතුමා නෙමෙයිනේ එනිසා මේ ආර්ථික අවපාතයෙන් එලියට එන එක ලේසි කටයුත්තක් නෙමෙයි. මේ අවස්ථාවේ හොඳම දේ තමයි වියදම අඩු කරල ආදායම උපයන්න පුළුවන් නිර්මාණශීලී භාවයක් ඇති කළ යුතුයි. විශේෂයෙන් ම කළ යුත්තේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමයි.
මම නැවත කියන්නේ රටේ ආර්ථිකය කඩා වැට්ටුවේ කවුද අපිට ඒ නිසා ජාත්‍යන්තර අරමුදලට යන්න වුණා නමුත් අපි එකෙන් එළියට එන්න ඕනි වගේම ප්‍රායෝගිකව ජාත්‍යන්තර අරමුදල කියන හැමදේකටම නැමෙන්න ඕනි නෑ. අපේ රටේ ක්‍රමවේදයක් හරහා හැමදේම නිකං දෙනවට වඩා ස්වාධීනව මහන්සිවෙලා වැඩ කරලා ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි. ඇත්ත වශයෙන්ම සාමාන්‍ය10% අපරාධ නිසා තමයි සියයට අනුවක් බැටකන්නේ, දැන් අද කම්පැනි ලක්ෂ එකහමාරක් පමණ තියෙනවා රටේ, නමුත් බදු ගෙවන ෆයිල් තියෙන්නේ විසිදාහයි. ඉතින් මේක පුදුම රටක් මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි.
අනිත් එක තමයි මම හැමතිස්සෙම ආදරෙන් කියනවා රජයේ නිලධාරීන්ට වැඩ කරන දක්ෂයින් ඉන්නවා. නමුත් 15%, 20% කට්ටිය මේ රට නොමඟ යවලා තියෙනවා. හැමෝම දේශපාලනඥයන්ට ඇඟිල්ල දික් කරනවා. අද ලංකාවේ ඉන්නේ ඔක්කොම ගත්තොත් දේශපාලකයෝ නව දහක් විතර අපි කියමුකෝ මේ දේශපාලඥයෝ ඔක්කොම එපයි කියලා. එතකොට ලක්ෂ දාහතක රාජ්‍ය නිලධාරීන් මොකද කරන්නේ, මේ හැමදේම කරන්න තියෙන්නෙ ඔවුන් තුළින්. මේ රට අවුරුදු 71 තිස්සෙම එක් එක් කෙනාට ඇඟිල්ල දික් කරලා ප්‍රශ්න මග ඇරලා තියෙන්නෙ. දැන්වත් ඒ තත්ත්වය වෙනස් කළ යුතුයි.
එන වසරේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට මැතිවරණ පැවැත්වීමට නියමිත බවත්, බොහෝ දුරදුරට මැතිවරණ දෙකක් තුනක් පැවැත්වීමට නියමිත බවද මෙහිදී හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වැඩිදුරටත් පවසා සිටියා.